July, 15, 2025
සීගිරිය නැරඹීටම එන දෙස් විදෙස් සංචාරකයින් සඳහා පහසුකම් සැලසීමේ දී කොටස් කිහිපයක් හඳුනාගෙන ඇති බව මධ්‍යම සංස්කෘතික අරමුදලෙහි සීගිරිය ව්‍යාපෘති කළමනාකරු H.A.C ගයාන් මහතා පවසයි.
ඔහු පෙන්වා දෙන්නේ ඒ යටතේ සීගිරිය නැරඹීමට පැමිණෙන දෙස් විදෙස් සංචාරකයින්ගේ සෞඛ්‍යමය ආරක්ෂාව තහවුරු කිරීමේ ප්‍රධාන අංගයක් ලෙස පැය 24 පුරා ක්‍රියාත්මක 1990 ගිලන්රථ සේවාවක් මේ වන විට ස්ථාපිත කර ඇති බවයි.
"සීගිරියේ සංචාරකයන් සඳහා පහසුකම් සැලසීමේ දී විශේෂයෙන් අපි කොටස් කිහිපයකට හඳුනාගෙන තියනවා. පැමිණෙන දෙස් විදෙස් සංචාරකයින්ගේ සෞඛ්‍යමය ආරක්ෂාව තහවුරු කරන්න එහි ප්‍රධාන අංගයක් ලෙස සීගිරි පරීශ්‍රය පුරා පැය 24 පුරාම ක්‍රියාත්මක 1990 ගිලන්රථ සේවාවක් දැන් ස්ථාපිත කරලා තියනවා. දේශීය සහ විදේශීය පැමිණෙන සියළුම සංචාරකයන්ට දැන් එම සේවාව ලබා ගන්න පුළුවන්. ගල මුදුනේ යම් අනතුරක් වුනොත් සිංහ පාදය කොටසේ අපේ ප්‍රථමාධාර ඒ්කකයක් ස්ථාපිත කරලා තියනවා. මේකේ දිගුවක් හැටියට අපි ශ්‍රී ලංකා පොලිස් ජීවික ආරක්ෂක බලකාය, ජීවිත ආරක්ෂක පුහුණුවලත් පොලිස් නිලධාරීන් සහිතව ඔබගේ ගමනාන්තය ආරක්ෂාකරන්න පුළුවන් නිලධාරීන්ගේ සහය ලබාගන්න පුළුවන් තත්ත්වයක් නිර්මාණය වනවා."
තව ද පසුගිය වසරේ මෙරටට පැමිණි සමස්ථ විදෙස් සංචාරකයින්ගෙන් 24%කට ආසන්න සංචාරකයින් පිරිසක් සීගිරිය නරබා ඇති බව ද H.A.C ගයාන් මහතා පවසා සිටියි.
ඔහු පෙන්වා දෙන්නේ ඉදිරියේ දී එලෙස පැමිණෙන සංචාරකයින් හට සීගිරි පරීශ්‍රය තුළ නව නැරඹුම් ඒ්කක නිර්මාණය කිරීමට ද කටයුතු සැලසුම් කර ඇති බවයි.
"ලංකාවට පැමිණෙන විදෙස් සංචාරකයින්ගෙන් පසුගිය වසරේ 24%කට ආසන්න සංචාරකයින් ප්‍රමාණයක් සීගිරිය නරඹලා තියනවා.මීට අමතරව අපි සංචාරකයින්ට සීගිරි පරීශ්‍රය තුළ නව නැරඹුම් ඒ්කක නිර්මාණය කරන්න කටයුතු සූදානම් කරමින් යනවා. මේ වන විට එය ප්‍රායෝගිකව සිද්ධ වෙනවා. විශේෂයෙන් සීතල මාලිගය අවට කලාපය, දකුණු දොරටුව ආශ්‍රිත කලාපය කේන්ද්‍ර කරගත් නව පෙත්මන් නිර්මාණය කරමින් සංචාරකයින්ට වඩාත් ආස්වාදනීය සහ ඓතිහාසික උරුමය තියන සෞදර්යාත්මක සහ වාස්තුවිද්‍යාත්මක අගය වටහාගන්න පුළුවන් සහ විවේකීව ඔවුන්ට සුවදායී සංචාරක ගමනාන්තයක් හැටියට රස විදින්න පුළුවන් අවස්ථාව මේ මාස කිහිපය තුළ ඔබට අත්විදින්න පුළුවන්."
මීට අමතරව 2026 වසරේ මුල් කාර්තුව වන විට සීගිරිය නැරඹීට අළුයම් කාලයෙහි පැමිණෙන සංචාරකයින් හට ආලෝකමත් වූ සීගිරි උද්‍යානයක් නැරඹීමට අවස්ථාව හිමි වන බව ද ඔහු වැඩි දුරටත් පවසා සිටියේය.
"ඔබට ලබන වසර මුල් කාර්තුවේ දී ආලෝකමත් වුණු සීගිරි උද්‍යානයක් දකින්න පුළුවන් වෙයි. අළුයම් කාලයේ පැමිණෙන සංචාරකයන්ට."
Video Story