July, 15, 2025
රට පුරා පවතින ද්විතීයික සත්කාර රෝහල්වල ගුණාත්මකභාවය සහ ධාරිතාව ඉහළ නැංවීමේ වැඩසටහන සඳහා ප්‍රතිඵල පාදක අයවැය සහාය වශයෙන් ඇමෙරිකානු ඩොලර් මිලියන 100ක් ලබා දීමට ආසියානු සංවර්ධන බැංකුව එකඟතාව පළ කර ඇත.
යෝජිත ව්‍යාපෘතිය යටතේ ද්විතීයික සෞඛ්‍ය සේවා රෝහල්වල සේවා ධාරිතාව සහ ගුණාත්මකභාවය ප්‍රමිතිකරණය, ඖෂධ සැපයුම්දාමය, සෞඛ්‍ය ප්‍රසම්පාදනය සහ මූල්‍යකරණ පද්ධතියේ විනිවිදභාවය හා කාර්යක්ෂමතාව ශක්තිමත් කිරීමත් අරමුණු කර තිබේ.
ප්‍රතිඵලපාදක ණය දීමේ ක්‍රමවේදය හරහා ලබා දෙන එකී අරමුදල් යොදා ගනිමින්, මෙම ව්‍යාපෘතිය 2025 සිට 2030 දක්වා ක්‍රියාත්මක කිරීම පිණිස සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
Video Story