July, 15, 2025
2025 ජූලි මාසයේ පළමු දින 13 තුළ මෙරටට පැමිණ ඇති විදෙස් සංචාරකයින් සංඛ්‍යාව 79,771ක් බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පවසයි.
ඒ අනුව ඔවුන් සිය නවතම දත්ත වාර්තාවන් නිකුත් කරමින් පෙන්වා දෙන්නේ මෙම වසරේ මේ දක්වා මෙරටට පැමිණ ඇති සමස්ථ සංචාරකයින් සංඛ්‍යාව 1,247,815ක් බවයි.
වසරේ මේ දක්වා අඛණ්ඩව වැඩිම සංචාරක පැමිණීමක් වාර්තා වූ රට ලෙස තවමත් ඉන්දියාව පෙරමුනේ පසුවන අතර එම සංඛ්‍යාව දැක්වෙනුයේ 258,323ක් ලෙසයි.
දෙවනුවට එක්සත් රාජධානියෙන් සංචාරකයින් 116,432ක් සහ තෙවනුවට රුසියාවෙන් සංචාරකයින් 113,493ක් ලෙස වසරේ ගතවූ කාල සීමාව තුළ වැඩි වශයෙනක් සංචාරකයින් මෙරටට පැමිණ ඇත.
ජූලි මාසයේ පළමු දින 13 තුළ ද 16,329ක වැඩිම සංචාරක පැමිණීමක් වාර්තා වී ඇත්තේ ඉන්දියාවෙනි.




Video Story