July, 16, 2025
2025 ජුනි මාසයේ දී ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශක මගින් නිෂ්පාදන සහ සේවා ක්‍රියාකාරකම්වල වර්ධනයක් පෙන්නුම් කරයි.
නිෂ්පාදන ක්‍රියාකාරකම්වල වර්ධනයක් පෙන්නුම් කරමින්, නිෂ්පාදන අංශයේ ශ්‍රී ලංකා ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශකය 2025 ජුනි මාසයේ දී දර්ශකාංක 51.9ක් වාර්තා කළේය. සේවා නියුක්තිය හැර අනෙකුත් සියලුම උප දර්ශක මාසය තුළ දී කඩඉම් මට්ටමට වඩා ඉහළින් පැවතුණි.
ජුනි මාසයේදී නව ඇණවුම් සහ නිෂ්පාදන උප දර්ශක තවදුරටත් වර්ධනය විය. තවද, මාසය තුළ දී නව ඇණවුම් සහ නිෂ්පාදනයෙහි ඉහළ යෑමට අනුකූලව තොග මිලදී ගැනුම් ද වර්ධනය වූ නමුත්, සේවා නියුක්තිය පහළ ගියේය. ගෝලීය වෙළඳ පරිසරය තුළ ඉහළ ගිය අවිනිශ්චිතතාවයන්ට ප්‍රතිචාර වශයෙන් උපායමාර්ගික පියවරක් ලෙස, අත්‍යවශ්‍ය සේවක පුරප්පාඩු සඳහා පමණක් නැවත බඳවා ගැනීම් සිදු කිරීම සහ අවම අමුද්‍රව්‍ය තොග පවත්වා ගැනීම සිදු කරන බව ප්‍රතිචාර දැක්වූ බොහෝ අය සඳහන් කළහ. මේ අතර, ඇණවුමක් සැපයීමට සැපයුම්කරුවන්ට ගතවන කාලය මෙම කාලපරිච්ඡේදය තුළ දී තවදුරටත් ඉහළ ගියේය.
ඉදිරි මාස තුන සඳහා නිෂ්පාදන කටයුතු සම්බන්ධ අපේක්ෂා ධනාත්මකව පවතී. කෙසේ වෙතත්, එක්සත් ජනපද වෙළඳ ප්‍රතිපත්ති සම්බන්ධ අවිනිශ්චිතතා පිළිබඳව සමීක්ෂණයට ප්‍රතිචාර දැක්වූවන් සිය අවධානය යොමුකර ඇත.


Video Story