ආර්ථික සමුළුවේ දී ශ්‍රී ලංකාවේ පිහිටීමටවිශේෂ අවධානයක්

    July, 18, 2016

    ඉදිරියේ දී පැවැත්වීමට නියමිත “ශ්‍රී ලංකා ආර්ථික සමුළුව 2016“ දී මෙරට ජාත්‍යන්තර වෙ‍ළෙඳාම් සහ ප්‍රවාහන ක්ෂේත්‍රය සඳහා ශ්‍රී ලංකාවේ පිහිටීම වාසිවන්නේ කෙසේදැයි යන්න පිළිබඳ සාකච්ඡා කිරීමට විශේෂ සැසියක් සංවිධානය කර තිබේ.

    “International Trade and Logistics – Leveraging on Location“ යන තේමාව යටතේ සැලසුම් කර තිබෙන මෙම සැසිවාරය සඳහා ශ්‍රී ලංකා වරාය අධිකාරියේ කළමනාකාර අධ්‍යක්ෂ සරත්කුමාර ප්‍රේමචන්ද්‍ර, McKinsy & Company හි විශේෂඥ හවුල්කරු ස්ටීව් සැක්සොන් හා ප්‍රතිපත්ති අධ්‍යයක ආයතනයේ විධායක අධ්‍යක්ෂ ආචාර්ය සමස් කැලේගම යන මහත්වරුන් එක්වීමට නියමිතය.

    මෙම සැසිවාරයෙන් පසුව නියෝජ්‍ය විදේශ ආමාත්‍ය ආචාර්ය හර්ෂ ද සිල්වා, හේලීස් ඇඩ්වාන්ටිස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂ රුවන් වෛද්‍යරත්න මහත්වරුන් සහභාගීවන සංවාදාත්මක සාකච්ඡා සභාවක් සංවිධානය කර තිබේ. මෙම සාකච්ඡා මණ්ඩපය මෙහෙයවනු ලබන්නේ TWCorp හි සභාපති තිලාන් විජේසිංහ මහතා විසිනි.

    Video Story

    Stock Market

    Exchange Rates