July, 18, 2016
ත්‍රීරෝද රථවල ගමන් කරන මගීන්ගේ ආරකෂාව සලසමින් නිසි ගාස්තු ක්‍රමවේදයක් හඳුන්වා දී ත්‍රීරෝද රථ මගී ප්‍රවාහනය විධිමත් කිරීමට බස්නාහිර පලාත් මර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරීය පියවර ගෙන තිබේ. මෙම වැඩසටහන ක්‍රියාත්මක කරනු ලබන්නේ බස්නාහිර පලාත තුල ඇති සියලූම මගී ප්‍රවාහන ත්‍රීරෝද රථ ලියාපදිංචි කිරීම ආරම්භ කරමින්ය.
ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රවාදි සමාජවාදී ජනරජයේ අති විශේෂ ගැසට් අංක 1821/31 හා බස්නාහිර පලාත් සභාවේ අති විශේෂ ගැසට් නිවේදන 1834/27 ට අනුව මගී ප්‍රවාහන ත්‍රීරෝද රථ 2016 ජූනි මස 20 වන දින සිට ජූලි මස 30 වන දින දක්වා කාලය තුල ලියාපදිංචි කල යුතුවේ. ත්‍රීරෝද රථ හිමිකරු පදිංචි ප්‍රදේශය තුල ඇති ප්‍රාදේශීය ලේකම් කාර්්‍යාලයෙන් සිය ත්‍රීරෝද රථය ලියාපදිංචි කළ හැකියි.
බස්නාහිර පලාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරිය පවසන්නේ ලියාපදිංචි නොවන සියලූ ත්‍රීරෝද රථ මගී ප්‍රවාහනයෙන් ඉවත් කරන බවය. ලියාපදිංචි කෙරෙන ත්‍රීරෝද රථ සඳහා විශේෂ හැදුනුම්පතක් නිකුත් කෙරෙන අතර සෑම ත්‍රීරෝද රථයකම රියදුරුගේ අනන්‍යතා හැදුනුම්පතක් බස්නාහිර පලාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරිය විසින් නිකුත් කරනු ලබයි. රථයේ ගමන් ගන්නා මගීන්ට පෙනෙන ලෙස එම ලියාපදිංචි අංකය හා රියදුරු හැදුනුම්පත ප්‍රදර්ශනය කිරීම අනිවාර්ය වේ.
තවද සෑම ත්‍රීරෝද රථයක් සඳහාම හඳුන්වාදෙන උපරිම ගාස්තු අයකිරීමට යටත්ව ධාවනය කිරීම සිදුවේ. ඒ අනුව ප්‍රථම කිලෝමීටරය සඳහා රුපියල් 50 ක්ද වැඩිවන සෑම කිලෝමීටරයක් සඳහා රුපියල් 40 බැගින්ද උපරිම ස්ථාවර ගස්තුවක් අයකිරීමට නියමියි. මේ මගින් ත්‍රීරෝද රථයට ගොඩවන මගීන්ට තම ගමනාන්තයේදී ගෙවීමට ඇති ගාස්තුව නිෂ්චිත වේ. ඒ තුලින් මගීන්ට ඇතිවන විශ්වාසනීය තත්ත්වය තුල ත්‍රීරෝද රථ භාවිතය තවදුරවත් වර්ධනය වේ. තවද ජාත්‍යන්තර තලයේ මෙන් හඳුන්වාදෙනු ලබන රතු සහ කොළ සංඥා එළියෙන් දිවා රාත්‍රී කාලයේ මෙන් වැසි දිනයන්හිදීත් දුරසිට අදාල ත්‍රීරෝද රථයේ මගීයෙකු ඇති නැති බව හඳුනාගැනීමේ හැකියාව ඇත.
මගී ප්‍රවාහන කුලී ත්‍රීරෝද රථ නියාමනය කිරීමේ මෙම වැඩසහහන සඳහා ශ්‍රී ලංකාවේ ජාතික ජංගම දුරකථන ජාලය වන මොබිටෙල් සමාගමද සම්බන්ධ වී සිටින අතර ත්‍රීරෝද රථ රියදුරුට සහ රථයේ ගමන් ගන්නා මගීන්ට රකෂණ ආවරණයක්, අදාල ගාස්තු අයකිරීමේ මීටරය සහ විදුලි සංඥා පුවරුව නොමිලේ ලබාදීමට සහ තවත් වරප්‍රසාද රැසක් පිරිනැමීමට මොබිටෙල් සමාගම පියවර ගෙන තිබේ. ඒ සඳහා සුදුසුකම් ලැබීමට තිරෝද රථයේ හිමිකරුට මොබිටෙල් සමාගම නොමිලේ ලබාදෙන සිම් කාඩ් පතක් වසරක කාලයක් භාවිතා කල යුතු වේ.
ඊට අමතරව ත්‍රීරෝද රථයේ ගමන් කරන උපරිම මගීන් 3 දෙනාට එක් අයෙකුට රුපියල් 100,000 බැගින් රිය අනතුරු රකෂණයක්ද රියදුරුට රුපියල් 50,000 ක රිය අනතුරු රකෂණයක්ද පිරිනැමේ. තවද ලියාපදිංචි වන සියලූම ති්‍රරෝද රථ හිමිකරුවන්ට සිය ලියාපදිංචි කාඩ්පත වෙතින් DSI, ZIGO සහ Arpico වෙළෙද සැල් ජාලවල වරප්‍රසාද කාඩ්පතක් (Loyalty Card) ලෙස භාවිතා කිරීමට හැකි වේ. සම්පත් බැංකුවේ විශේෂ ඉතුරුම් ක්‍රමවේදයකටද මෙම ලියාපංචිකරුවන් ඇතුලත් වේ.
වසර කිහිපයකට ප්‍රථම පලාත් සභාව මෙම නියාමනය ගැසට් පත්‍රයක් මගින් නීතිගත කලත්, විවිධ හේතුන් මත මෙය ක්‍රියාත්මක වීම ප්‍රමාද වූ බව බස්නාහිර පලාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරියේ සභාපති තුසිත නුවන් වනිගසේකර මහතා පවසයි. දිනකට අවම වශයෙන් මිලියන 2 ක් පමණ පොදු ජනතාවකගේ ප්‍රවාහන මාධ්‍ය වන ත්‍රීරේද රථයට රජයේ නෛතිකභාවය ලබාදීම තුලින් ඊට මනා පිලිගැනීමක් ලැඛෙන බව ඔහු ප්‍රකාශ කළේය. එමගින් ත්‍රීරෝද රථ මගී ප්‍රවාහන කර්මාන්තය සුරකෂිත කරමින් ඔවුන්ට වැඩි ආදායමක් ලබාගැනීමට හැකි බව වනිගසේකර මහතා සඳහන් කළේය. මෙම වැඩ සටහන සඳහා මොබිටෙල් සමාගමේ දායකත්වය ලැබීම තුලින් බස්නාහිර පලාත් සභාවට ඉතා අඩු මුදලකින් මෙම කටයුත්ත ක්‍රියාත්මක කිරීමට හැකි වු බව ඔහු වැඩිදුරටත් කියා සිටියේය.
මෙම වැඩසටහන පිළිබඳව අදහස් දක්වන රථවාහන සහ මගී ආරකෂාව පිළිබඳ නියෝජ්‍ය පොලිස්පති අමරසිරි සේනාරත්න මහතා පවසා සිටියේ, මෙය කාලීන අවශ්‍යතාවක් බවත්, ඒ සඳහා ඉදිරියේදී ක්‍රියාත්මක වන සැලැස්මට ශ්‍රී ලංකා පොලිසියේ උපරිම දායකත්වය ලබාදීමට කැමති බවත්ය. ත්‍රීරෝද රථ වලින් මගීන් ප්‍රවාහනය කරන රියදුරන් විශාල සංඛ්‍යාවකට රියදුරු බලපත්‍රය පවා නොමැති බව හෙතෙම පෙන්වා දුන්නේය. ත්‍රීරෝද රථවල ගමන් කරන මගීන්ට රකෂණ ආවරණයක් ලබාදීම මගින් ඔවුන්ගේ ආරකෂාව සුරකෂිත වන බව නියෝජ්‍ය පොලිස්පති සේනාරත්න මහතා වැඩිදුරටත් කියා සිටියේය.