සිංගපූරුව සමග නිදහස් වෙළෙඳ ගිවිසුමකට සාකච්ඡා

    July, 18, 2016

    ශ්‍රී ලංකාව හා සිංගපූරුව අතර භාණ්ඩ හා සේවා සඳහා මෙන්ම ආයෝජන අවස්ථා වෙනුවෙන් ද නිදහස් වෙළෙඳ ගිවිසුමක් සඳහා සාකච්ඡා ආරම්භ කර ඇතැයි එහි රාජ්‍ය වෙළෙඳ අමාත්‍යවර එස්. ඉස්වරන් මහතා රොයිටර් පුවත් සේවයට පවසා තිබේ.

    වත්මන් සන්දර්භය තුළ සිංගපූරු සමාගම් වෙනුවෙන් ශ්‍රී ලංකාව තුළ යටිතල පහසුකම් සංවර්ධනයට හා කාර්මික අංශයේ දියුණුව ඇති කිරීම වෙනුවෙන් සහයෝගීතාව දැක්වීමට සූදානම් බවත් ඒ මහතා මෙහිදී පවසා තිබේ.

    ශ්‍රී ලංකාවේ සිංගපූරුවේ 39 වැනියට විශාලතම වෙළෙඳ හවුල්කරුවා වන අතර පසුගිය වසරේ දී ඇමරිකානු ඩොලර් බිලියන 1.52 ක දෙරට අතර ද්විපාර්ශවයීය වෙළෙඳාම් සිදුව තිබේ.

    ඡායාරූපය - ශ්‍රී ලංකාවේ සංවර්ධන උපායමාර්ගික හා ජාත්‍යන්තර වෙළෙඳ අමාත්‍ය මලික් සමරවික්‍රම මහතා සහ සිංගපූරු වෙළෙඳ අමාත්‍ය එස්. ඉස්වර්න් මහතා අතර අද දිනයේ දී අවබෝධතා ගිවිසුමකට අත්සන් තැබුණු අවස්ථාව. ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සහ සිංගපූරු අග්‍රමාත්‍ය ලී සීන් ලූන් මහතා ද පසෙකින් වෙති. REUTERS/Edgar Su

    Video Story

    Stock Market

    Exchange Rates