මෙරට සෘජු විදේශ අයෝජන වල 101%ක දැවැන්ත වර්ධනයක්

    July, 22, 2025

    ස්ථාවර සහ ආයෝජක හිතකාමී ආර්ථික පරිසරයක් ඇති කිරීම තුලින්, පෙර වසරට සාපේක්ෂව විදේශ සෘජු ආයෝජන (FDI) රට තුළට ගලා ඒමේ වර්ධනයක් දැකිය හැකි බව, ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය (BOI) සිය නවතම දත්ත වාර්තායවන් මගින් පෙන්වා දෙයි.

    එම වාර්තාවෙහි දැක්වෙන්නේ 2025 වසරේ පලමු මාස 6ක කාලය තුළ දී අමෙරිකානු ඩොලර් මිලියන 569ක වටිනාකමකින් යුතු ව්‍යාපෘති 57ක් ආයෝජන මණ්ඩලය විසින් අනුමත කර ඇති බවයි.

    මේ වන විටත් අමෙරිකානු ඩොලර් මිලියන 507ක සෘජු විදේශ අයෝජන මෙරටට පැමිණ ඇති අතර එය 2024 වසරේ පලමු මාස 6 තුළ වාර්තා වූ අමෙරිකානු ඩොලර් මිලියන 252ට සාපේක්ෂව 101%ක වර්ධනයක් පෙන්නුම් කරයි.