Salesforce සමාගම Agentforce 3 යෙදවුම් පද්ධතිය  හඳුන්වාදේ

    July, 24, 2025

    ලොව ප්‍රමුඛ AI CRM සමාගම වන Salesforce (NYSE: CRM)  විසින් Agentforce 3,නමින් මාර්ගගත යෙදවුම් සේවාවක් හදුන්වා දී ඇත.  මෙමඟින් සමාගම්වලට AI නියෝජිතයන්ගේ ක්‍රියාකාරිත්වය පිළිබඳ පැහැදිලි දැක්මක් සහ ඒවා කඩිනමින් අවශ්‍ය පරිදී පාලනය කිරීමේ හැකියාව ලබාදෙයි.

    Salesforce හි AI විධායක උප සභාපති සහ සාමාන්‍යාධිකාරී ඇඩම් එවන්ස් (Adam  Evans) මහතා මෙසේ අදහස් දැක්වීය. “Agentforce 3 යෙදවුම් පද්ධතිය මඟින් AI නියෝජිතවරුන්, දත්ත, යෙදුම් සහ මෙටාදත්ත ඒකාබද්ධ කරමින්, සමාගම්වලට AI තාක්ෂණය මගින් වැඩි ඵලදායිතාවයක් ලගා කරගැනීමට මාර්ග ගත යෙදවුමක් නිර්මාණය කර ඇති අතර,  පාරිභෝගික අදහස්වලට සවන් දෙමින්, තාක්ෂණික නවෝත්පාදන ඉදිරියට ගෙන යාම නිසාවෙන් Agentforce 3 යෙදවුම් පද්ධතිය  බුද්ධිමත්, කාර්යක්ෂම සහ විශ්වාසනීය බව තහවුරුකරගෙන තිබේ. මෙහි AI නියෝජිතවරුන් සමග සේවාදායකයන් කටයුතු කරයි. නව පරිවර්තනයක් ව්‍යාපාරයන් තුල ඇති කරමින් යම් මට්ටමකට ඔසවා තබයි.