July, 28, 2025
ජෝන් කීල්ස් ප්‍රොපර්ටීස් සමාගමේ TRI-ZEN ව්‍යාපෘතිය, මෙරට නාගරික නිවාස සංස්කෘතිය අර්ථවත් කරමින්, විශේෂ කඩඉමක් 2025 ජූලි 11 වන දින පසු කරන ලදී.එනම් ,මහල් නිවාස සංකීර්ණයේ නිවාස 700ක් නිවෙස් හිමිකරුවන් වෙත භාරදීම සිදු කිරීමයි. මෙය ශ්‍රී ලංකාවේ තුළ සිදු කළ විශාලතම තනි නිවාස ව්‍යාපෘතිය ලෙස සනිටුහන් වේ.
කොළඹ 02, යුනියන් පෙදෙසෙහි පිහිටි TRI-ZEN ව්‍යාපෘතිය නවීන ජීවන රටාව විප්ලවීය වෙනසකට ලක් කළ දැවැන්ත සංවර්ධන ව්‍යාපෘතියකි.පුළුල් පරාසයක විහිදුණු පහසුකම් සහ දිගුකාලීන පැවැත්මක් බලාපොරොත්තු වන නිවාස හිමියන් සහ ආයෝජකයින් සඳහා නිර්මාණය කර ඇති මෙම ව්‍යාපෘතිය, අහස් කුස කරා නැඟුනු කුළුණු තුනකින් සමන්විත වන අතර, එහි නිවාස 897ක් ඇතුළත් ය.එමෙන්ම, සියලු වයස්වල පුද්ගලයින් සදහා ගැලපෙන පහසුකම් ලබාදෙන මෙහි පිහිනුම් තටාක, කාය වර්ධනය මධ්‍යස්ථාන, ළමා ක්‍රීඩා පිටියක් , කුඩා සිනමා ශාලාව, උත්සව ශාලා, ඇවිදින මංතීරු සහ නිවස තුළම රෙදි සෝදන පහසුකම් ඇතුළු ජිවත් වීමට අවශ්‍ය වන සියලු පහසුකම් ඇත.
මේ වන විට, TRI-ZEN සතු නිවාසවලින් 85%ක් පමණ අලෙවි වී ඇති අතර මෙයින් පෙනී යන්නේ කොළඹ නගරයේ හදවත තුළ උසස් තත්ත්වයේ නිවාසයක තරගකාරී මිලකට ජීවත්වීමට ඇති ඉහළ ඉල්ලුමයි. හිමිකරුවන්ට භාරදුන් නිවාස 700 ආසන්න වශයෙන් අඩකට වැඩි ප්‍රමාණයක දැනටමත් පදිංචි වී ඇති අතර, නිවාස හිමියන් සහ කුලී නිවැසියන් යන දෙපිරිසම මෙම ව්‍යාපෘතියේ ඉහළ ජීවන තත්ත්වය,පහසුකම් සහ නාගරික ජිවිතයට ගැලපෙන සැලසුම් භුක්ති විඳිති.
මෙම ව්‍යාපෘතිය මගින් කුලී ආදායම් පදනමක් පෙන්නුම් කරන අතර,නිදන කාමර දෙකකින් යුත් නිවාසවලින් වාර්ෂිකව නිවසේ මුළු වටිනාකමින් 7% දක්වා දළ කුලී ප්‍රතිලාභයක් ලැබේ.මීට අමතරව ආකර්ෂණීය ආයෝජන අවස්ථාව ලබා දෙයි. නිවාස ගැණුම්කරුවන්ට දැනටමත් කුලීකරුවන් සිටින මහල් නිවාස මිලදී ගැනීමේ විකල්පය ඇති අතර, එමඟින් කුලී ආදායමක් ලබා ගත හැක. මේ වනවිට,දේශීය සහ විදේශීය නිරන්තර ඉල්ලුමත් සමඟ, TRI-ZEN ව්‍යාපෘතිය කොළඹ නගරයේ නැඟී එන ඉඩකඩම් ආයෝජන මධ්‍යස්ථානයක් ලෙස ශක්තිමත් වෙමින් පවතී.
මෙම අවස්ථාව සම්බන්ධයෙන් ජෝන් කීල්ස් හෝල්ඩින්ස් හි දේපළ අංශයේ ,අංශ ප්‍රධානී /සහ විධායක උප සභාපති ඉනෝක පෙරේරා මහතා"TRI-ZEN ව්‍යාපෘතියේ නිවාස 700ක් හිමිකරුවන්ට භාරදීමේ සන්ධිස්ථානයට ළඟා වීම ගැන අපි ඉතා ආඩම්බර වෙනවා.මෙම ජයග්‍රහණය තුළින් මුළු කණ්ඩායමේ කැපවීම මෙන්ම ජෝන් කීල්ස් ප්‍රොපර්ටීස් සමාගම වෙත ලැබෙන ජනතා විශ්වාසය පිළිබිඹු වෙනවා .ශක්තිමත් කාර්ය සාධනය සහ පදිංචිකරුවන්ගේ ඉල්ලුම මත, කොළඹ නගරයේ නැඟී එන තරගකාරී නිවාස වෙළඳපොළේ ශක්තිය පෙන්නුම් කරනවා”යනුවෙන් පැවසීය.
TRI-ZEN ව්‍යාපෘතිය සහ ආයෝජන නිවාස පිලිබද වැඩි විස්තර දැනගැනීමට www.trizen.lk වෙබ් අඩවියට පිවිසෙන්න හෝ +94 702 294 294 අමතන්න.

