July, 29, 2025
"කෝට්ටේ රාජධානිය සංචාරක මුලපිරීම දියත් කිරීම" LAUNCH OF THE KINGDOM OF KOTTE TOURISM INITIATIVE" හා "කෝට්ටේ හරිත සංචාරක ජාලය" "Kotte Green Tourism" කෝට්ටේ රාජධානියේ සංචාරක මාවත එළිදැක්වීමේ උත්සවය පසුගියදා (27) බත්තරමුල්ලේ දී පැවැත්විණ.
ඒ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරියගේ ප්‍රධානත්වයෙනි.
එහි දී අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය පවසා සිටියේ සිංහල සාහිත්‍යයේ හා ගෘහනිර්මාණ ශිල්පයේ ස්වර්ණමය යුගය සනිටුහන් වන කෝට්ටේ අතීතයට පමණක් අයත් දෙයක් නොවන බවත් එය විචිත්‍රවත් තෙත්බිම්, විවිධ පක්ෂි ජීවිතය සහ ලෝකයේ ඉතාම සීමිත අගනගර කිහිපයකට හිමි විය හැකි දුර්ලභ පාරිසරික සමතුලිතතාවයක් ඇති නගරයක් බවයි.
තව ද, ශ්‍රී ලාංකිකයන්ට මෙන්ම ජාත්‍යන්තර සචාරකයින්ට ද දිගු කලක් තිස්සේ සැඟවී තිබූ කෝට්ටේ රාජධානිය ගැන ගවේෂණය කළ හැකි අයුරින් සංචාරක කර්මාන්තයේ අවධානය යොමු කරන ලෙස අග්‍රාමාත්‍යවරිය වැඩි දුරටත් පවසා සිටියා ය.
කෝට්ටේ හරිත සංචාරක ජාලය විසින් සංවිධානය කළ මෙම උත්සව අවස්ථාවට බස්නාහිර පළාත් ගරු ආණ්ඩුකාර හනීෆ් යූසූෆ් , කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ, සංචාරක සේවා නියෝජ්‍ය අමාත්‍ය රුවන් රණසිංහ , කෝට්ටේ නගරාධිපති අරෝෂ අතපත්තු, උත්සවයේ සංවිධායක මණ්ඩලයේ සාමාජික සාමාජිකාවන් මෙන්ම සංචාරක ක්ෂේත්රයේ දෙස් විදෙස් නියෝජිතයන් ද සහභාගී වූහ.
Video Story