July, 29, 2025
කොළඹ කොටස් වෙළෙඳපොළ ඉතිහාසයේ, සියලු කොටස් මිල දර්ශකයේ වාර්තා වුණු ඉහළම අගයේ වාර්තාව අද (29) නැවත වතාවක් අලුත් කරමින් දිනයේ ගනුදෙනු අවසාන වන විට එය ඒකක 14.34කින් ඉහළ ගොස් ඒකක 19,532.20ක් ලෙසින් සටහන් විය.
කෙසේවෙතත් අද කොළඹ කොටස් වෙළෙඳපොළ ගනුදෙනු අවසානයේ මිල දර්ශකවල දක්නට ලැබුණේ මිශ්ර හැසිරීමකි.
එහි දී S&P SL20 මිල දර්ශකය ඒකක 22.05කින් පහළ ගොස් ඒකක 5,752.46ක් ලෙසින් සටහන් විය.
අද සමාගම් 111ක කොටස් මිල ගණන් සියලු කොටස් මිල දර්ශකයේ හැසරීමට ධනාත්මක දායකත්වයක් ලබා දී තිබූ අතර සමාගම් 99කින් ඒ සඳහා ලැබී තිබුනේ සෘණාත්මක දායකත්වයකි.
එහි දී ACL කේබල්ස්, මෙල්ස්ටාකෝප්, හේලීස්, සෙන්ට්රල් ෆයිනෑන්ස් සහ කාර්ගීල්ස් යන සමාගම් සියලු කොටස් මිල දර්ශකයේ හැසිරීමට ඉහළ ධනාත්මක දායකත්වයක් ලබා දී තිබුණි.
අද ගනුදෙනු පිරිවැටුම දැක්වුනේ රුපියල් බිලියන 7.59ක් ලෙසයි.
Video Story