July, 30, 2025
අද (30) දිනයේ දී කොළඹ කොටස් වෙළෙඳපොළ මිල දර්ශකවල සුළු ඉහළ යාමක් වාර්තා විය. එහිදී සියලු කොටස් මිල දර්ශකය ඒකක 33.95කින් ඉහළ ගොස් දිනයේ ගනුදෙනු අවසානයේ දී ඒකක 19,566.15 ක් ලෙසින් සටහන් වුණි. මෙයෙ මෙතෙක් ඉතිහාසයේ සියලු කොටස් මිල දර්ශකයේ වාර්තා වී තිබුණු ඉහළම අගයේ වාර්තාව නැවත වරක් අලුත් වීමකි.
කෙසේවෙතත් S&P SL20 දර්ශකය අද දින ඒකක 0.78ක ඉතා සුළු පහළ යාමක් වාර්තා කර තිබුණි. ඒ අනුව දිනයේ ගනුදෙනු අවසානයේ දී එහි අගය ඒකක 5,751.68ක් ලෙසින් සටහන් විය.
රු. බිලියන 5.28 ක ගනුදෙනු පිරිවැටුමක් අද වාර්තා වුණි.
දේශීය ආයෝජකයින්ගේ ඉහළ ක්‍රියාකාරීත්වයක් අද දිනයේ දීද සුපුරුදු පරිදි දක්නට ලැබුණු අතර එහිදී දේශීය මිල දී ගැනීම් රු. බිලියන 5.16ක් හා දේශීය විකිණුම් රු. බිලියන 5.12 ක් ලෙසින් සටහන්ව තිබිණි. මේ අතර විදේශීය මිල දී ගැනීම් රු. මිලියන 127 ක් හා විදේශීය විකිණුම් රු. මිලියන 163 ක් ලෙසින් දිනය තුළ දී වාර්තා විය.
Video Story