July, 20, 2016
මුද්‍රණ කර්මාන්තය හා ආශ්‍රිත උපකරණ සහ ලිපිද්‍රව්‍ය අලෙවි සමාගමක් වන කලමාසු සිස්ටම්ස් (KALAMAZOO SYSTEMS PLC) හි බහුතර කොටස් අයිතිය අත්පත් කර ගැනීමට රේණුකා හෝල්ඩිංග්ස් පීඑල්සී අද (20) දින පියවර ගන්නා ලදී.
කලමාසු සිස්ටම්ස් හි ප්‍රමුඛ කොටස් හිමියා වූ නිමල් පෙරේරා විසින් තමා සතු කොටස් 34,985 ක් රු. 1,428.00 බැගින් මෙහිදී අලෙවි කර තිබේ. මෙය සමාගමේ ප්‍රකාශිත ප්‍රාග්ධනයෙන් 69.97% කි.