කොටස් වෙළෙඳපොළ ඉතිහාසය අද නැවත අලුත්වෙයි

    July, 31, 2025

    අද (31) කොළඹ කොටස් වෙළෙඳපොළ සියලු කොටස් මිල දර්ශකයේ අගය ඉතිහාසයේ ප්‍රථම වරට ඒකක 19,600 සීමාව පසුකර යෑමට සමත් විය.

    ඒ අනුව දිනයේ ගණුදෙනු අවසානයේ සියලු කොටස් මිල දර්ශකය ඒකක 76.33කින් ඉහළ ගොස් ඒකක 19,642.48ක් ලෙසින් සටහන් විය.

    එහි දී S&P SL20 මිල දර්ශකය ඒකක 10.49කින් ඉහළ ගොස් ඒකක 5,762.17ක් ලෙසින් සටහන් විය.

    අද සමාගම් 120ක කොටස් මිල ගණන් සියලු කොටස් මිල දර්ශකයේ හැසිරීමට ධනාත්මක දායකත්වයක් ලබා දී තිබූ අතර සමාගම් 83කින් ඒ සඳහා ලැබී තිබුනේ සෘණාත්මක දායකත්වයකි.

    එහි දී හේලීස්, DFCC බැංකුව, බ්‍රවුන්ස් ඉන්වෙස්මන්ට්ස්, NDB සහ කොමර්ෂල් ක්‍රෙඩිට්ස් ඇන්ඩ් ෆයිනෑන්ස් යන සමාගම් සියලු කොටස් මිල දර්ශකයේ හැසිරීමට ඉහළ ධනාත්මක දායකත්වයක් ලබා දී තිබුණි.

    අද ගනුදෙනු පිරිවැටුම දැක්වුනේ රුපියල් බිලියන 5.66ක් ලෙසයි.