August, 1, 2025
ජුනි මාසය තුළ දී නව ඇණවුම් දර්ශකය තවදුරටත් ඉහළ ගිය අතර, එහිදී විශේෂයෙන්ම මාර්ග සංවර්ධන ව්‍යාපෘති ඇතුළත්ව නව ඉදිකිරීම් ව්‍යාපෘති ප්‍රදානය කිරීම් ඉහළ යෑමක් වාර්තා විය. මෙයට අමතරව, තාවකාලිකව අත්හිටුවා තිබූ ව්‍යාපෘති කිහිපයක් ද නැවතත් ආරම්භ කිරීම සඳහා සාච්ඡා ඇරඹී ඇති බව සමීක්ෂණයට ප්‍රතිචාර දැක්වූ ආයතන කිහිපයක් විසින් සඳහන් කරන ලදී.
තවද, ඉදිකිරීම් කටයුතුවල පෙන්නුම් කළ අඛණ්ඩ වර්ධනයත් සමග, සේවා නියුක්ති දර්ශකය ජුනි මාසය තුළ දී වර්ධනයක් වාර්තා කළ අතර, තොග මිලදී ගැනුම් දර්ශකය ද තවදුරටත් ඉහළ ගියේය. මේ අතර, ඇණවුමක් සැපයීමට සැපයුම්කරුවන්ට ගතවන කාලය මෙම මාසය තුළ දී ඉහළ ගියේය.
නව ව්‍යාපෘති පිළිබඳ ඉහළ අපේක්ෂා හේතුවෙන් ඉදිරි මාස තුන තුළ ඉදිකිරීම් ක්ෂේත්‍රයෙහි ධනාත්මක වර්ධනයක් බලාපොරොත්තුවන බව බොහෝ සමාගම් විසින් සඳහන් කරනු ලැබීය.

Video Story