NDB බැංකුව NEOSBIZ සමඟින් ‘කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර සඳහා ඩිජිටල්කරණය’ වැඩමුළු මාලාවේ අවිස්සාවේල්ල වැඩසටහන සාර්ථකව අවසන් කරයි

    August, 6, 2025

    NDB බැංකුව, ‘සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර සඳහා ඩිජිටල් පරිවර්තනය’ මැයෙන් දිවයින පුරා ක‍්‍රියාත්මක කරන වැඩමුළු මාලාවේ නවතම වැඩසටහන පසුගියදා අවිස්සාවෙල්ල ප‍්‍රදේශය කේන්ද‍්‍ර කරගනිමින් පවත්වනු ලැබීය. මෙම කලාපයේ විවිධ කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර බැංකුකරණ ගනුදෙනුකරුවන් පිරිසකගේ සහභාගීත්වයෙන් මෙම වැඩමුළුව පැවැත්විණි. මෙම ඩිජිටල්කරණ වැඩමුළු මාලාව හරහා ශ‍්‍රී ලංකාවේ කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර අංශය වෙනුවෙන්ම සුවිශේෂීව සකස් කළ ඩිජිටල්කරණ විසඳුම වන NEOSBIZ සමඟින් ඔවුන් සවිබල ගැන්වීම සහ නඟා සිටුවීම සඳහා NDB බැංකුවේ ඇති අඛණ්ඩ කැපවීම විදහා දක්වන ලදී.

    මෙම වැඩසටහන කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර සඳහා විශේෂයෙන් නිර්මාණය කරන ලද NDB බැංකුවේ ප‍්‍රමුඛතම මොබයිල් බෑංකින් ඇප් එක වන NEOSBIZ හි ඇති වැදගත්කම ඉස්මතු කළ අතර මූල්‍ය ගනුදෙනුවල කාර්යක්ෂමතාව, ගනුදෙනුවල ආරක්ෂාව සහ බාධාවකින් තොරව ඕනෑම තැනක සිය ව්‍යාපාරික මෙහෙයුම් සිදුකිරීමේදී එහි ඇති ප‍්‍රබල හැකියාවන් පෙන්නුම් කළේය. සමූහ ගෙවීම්වල සිට සේවක වැටුප්, QR ගනුදෙනු සහ ක්ෂණිකව ගිණුම් ශේෂයන් පරීක්ෂා කිරීම දක්වා සියල්ල එක් වේදිකාවක් හරහා කළමනාකරණය කිරීමට ව්‍යාපාර හිමියන්ට බලය ලබා දෙන ආකාරය පිළිබඳව මෙම අවස්ථාවට සහභාගිවූ පිරිස දැනුවත් කරන ලදී.

    කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර සංවර්ධනය කෙරෙහි බැංකුවේ දිගුකාලීන දැක්ම සහ ව්‍යාපාරයන් දීර්ඝ කාලීනව ඔරොත්තු දීමේ හැකියාව ඉහළ නැංවීමේදී සහ ව්‍යාපාරය පුළුල් කිරීමේදී දිනෙන් දින සීඝ‍්‍රයෙන් පරිණාමය වන ඩිජිටල්කරණය භාවිතා කිරීමේ ඇති වැදගත්කම සහ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර සංවර්ධනය කිරීම කෙරෙහි බැංකුවේ ඇති දිගුකාලීන සැලසුම් පිළිබඳ අවබෝධයක් ලබාදෙමින් NDB බැංකුවේ ජ්‍යෙෂ්ඨ නියෝජිතයින් සාකච්ඡාවට සහභාගී වූහ. අතිශය තරඟකාරී ව්‍යාපාරික පරිසරය තුළ, ව්‍යාපාර කටයුතු විධිමත් කිරීමට, කාර්ය සාධනය නිරීක්ෂණය කිරීමට NEOSBIZ භාවිතා කළ හැකි ආකාරය පිළිබඳවද මෙම සැසිවාරයේදී සාකච්ඡා කරන ලදී.

    අවිස්සාවේල්ල ප‍්‍රදේශයේ පැවැත්වූ මෙම සංසදය, ව්‍යවසායකයින්ට නවතම මූල්‍ය මෙවලම් වෙත ප‍්‍රවේශය ලබා දීමේ පුළුල් උත්සාහයේ කොටසක් ලෙස NDB බැංකුව විසින් දිවයින පුරා පවත්වනු ලබන වැඩමුළු මාලාවේ නවතම වැඩසටහනයි. මෙම කලාප කේන්ද‍්‍ර කරගත් සැසි මාලාව සැලසුම් කර ඇත්තේ කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් ඩිජිටල් පරිසරය තුළ වර්ධනය සඳහා දැනුවත් කිරීම, එකිනෙකා සම්බන්ධ කර ගැනීම සහ ඔවුන් සවිබල ගැන්වීම සඳහා වන අතර එමඟින් සාම්ප‍්‍රදායික කඩදාසි මත පදනම් වූ පද්ධතිවලින් ඉවත් වී වේගවත්, ආරක්ෂිත සහ වඩාත් පහසුවෙන් ප‍්‍රවේශ විය හැකි බැංකුකරණ ක‍්‍රම භාවිතා කිරීම ඔවුන්ට උපකාරී වේ.

    ශ‍්‍රී ලංකාවේ කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර පරිසර පද්ධතියේ ප‍්‍රධාන කොටස්කරුවෙකු ලෙස, රට පුරා ව්‍යවසායකයින් සඳහා මූල්‍ය පහසුකම් ලබාදීමෙන් සහ ඩිජිටල්කරණය කළ වර්ධනය වේගවත් කිරීමේ ක‍්‍රියාකාරකම්හි NDB බැංකුව අඛණ්ඩව කැපවී සිටී. NEOSBIZ සහ බැංකුවේ කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර කේන්ද‍්‍ර කරගත් සේවාවන් හරහා, ශ‍්‍රී ලංකා ආර්ථිකයේ කොඳු නාරටිය වන එම ව්‍යවසායකයින් සඳහා වැඩි වටිනාකමක් ලබා දෙමින්, ඔවුන්ගේ ඉලක්ක කරා ඉක්මනින් ලඟාවීම සඳහා සහාය වෙයි.

    NDB බැංකුව ශ‍්‍රී ලංකාවේ හතරවන විශාලතම ලැයිස්තුගත වාණිජ බැංකුවයි. 2024 වසරේ විශිෂ්ටත්වය සඳහා වූ Euromoney සම්මාන උළෙලේදී NDB බැංකුව ශ‍්‍රී ලංකාවේ හොඳම ආයතනික බැංකුව ලෙස නම් කරන ලද අතර Asian Banking and Finance Magazine (සිංගප්පූරුව) 2024 සම්මාන උළෙලේදී ශ‍්‍රී ලංකාවේ හොඳම දේශීය පෞද්ගලික බැංකුකරණ බැංකුව ලෙස සහ ශ‍්‍රී ලංකාවේ වසරේ දේශීය ව්‍යාපෘති මූල්‍යකරණ බැංකුව ලෙස ද NDB සම්මානයට පාත‍්‍ර විය. NDB බැංකුව යනු ප‍්‍රාග්ධන වෙළඳපොල අනුබද්ධ සමාගම් වලින් සමන්විත NDB සමූහයේ මව් සමාගම වන අතර, අද්විතීය බැංකු සහ ප‍්‍රාග්ධන වෙළඳපල සේවා සමූහයකින් සමන්විත වේ. ඩිජිටල් බැංකු විසඳුම් මගින් බල ගැන්වෙන අර්ථවත් මූල්‍ය සහ උපදේශන සේවා හරහා ජාතිය සහ එහි ජනතාව සවිබල ගැන්වීමට NDB බැංකුව නිබඳවම කැපවී සිටී.