අමානා කොටස් නිකුතුවට අධිඉල්ලුමක්

    July, 21, 2016

    රුපියල් මිලියන 75 ක අරමුදලක් සම්පාදනය කරගැනීම සඳහා අමානා තකාෆුල් ලයිෆ් ලිමිටඩ් විසින් සිදුකරනු ලැබූ මූලික මහජන කොටස් නිකුතුව සඳහා අධිදායකත්වයක් ලැබී ඇතැයි වාර්තා වේ.

    ඡන්ද බලය හිමි සාමාන්‍ය කොටස් මිලියන 50 ක් එකක් රු.1.50 බැගින් මෙහිදී නිකුත් කරනු ලැබීය.

    ඒ සඳහා ලැබී තිබුණු අධිදායකත්වය හේතුවෙන් අද (21) දින සවස 4.30 ට නිකුතුව වසා දැමූ බව නිකුතුවේ රෙජිස්ට්‍රාර්වරයා වූ බිස්නස් ඉන්ටලිජන්ස් (පුද්) සමාගම කොළඹ කොටස් වෙළෙඳපොළ වෙත දැනුම් දී තිබේ.