July, 22, 2016
ටොයෝටා ලංකා සමාගමේ අමතර කොටස් සහ සේවා නියෝජිතයන් වෙනුවෙන් පැවැත්වෙන වාර්ෂික අලෙවි නියෝජිත සම්මන්ත්‍රණය පසුගියදා අති උත්කර්ෂවත් අයුරින් ගාලූ මුවදොර හෝටලයේදී පැවැත්වි‚. මේ සඳහා දිවයින පුරා විසිරුණු ටොයෝටා ලංකා අලෙවි නියෝජිතයෝ මෙන්ම ටොයෝටා ලංකා සමාගමේ කළමනාකාරීත්ව කණ්ඩායමේ සාමාජිකයෝද සහභාගී වූහ.
වසරක් තුළදී ඉහළම දක්ෂතා පෙන්නුම් කරන අලෙවි නියෝජිතයන් වාර්ෂික සම්මන්ත්‍රණයකදී ඇගයීමට ලක්කිරීම ටොයෝටා ලංකා සමාගම අඛණ්ඩව පවත්වාගෙන එන සම්ප්රදායක් වේ. මෙවර මෙම සම්මන්ත්‍රණය පැවැත්වුණේ 10 වැනි වරට වීම විශේෂත්වයකි. මේ සඳහා නියම ටොයෝටා අමතර කොටස් අලෙවිකරුවන් 14 දෙනෙක් සහ නියම ටොයෝටා මෝටර් ඔයිල් අලෙවිය සඳහා නියෝජිතයන් ලෙස කටයුතු කරන අලෙවිකරුවන් (මෙම රථවාහන තෙල් වර්ග දිවයිනේ අලෙවිසල් 1,000 කින් පමණ මිලදීගත හැක) ඇතුළු විශාල පිරිසක් සහභාගී වූහ.
2015 ජූලි සහ 2016 මාර්තු යන කාලසීමාව තුළ විශේෂ අලෙවි ප්‍රවර්ධන වැඩසටහනක් ක්‍රියාත්මක කෙරුණු අතර එහිදී ඉලක්ක ළඟා කරගත් අලෙවිකරුවන් වෙත සම්මාන පිරිනැමි‚. ජයග්‍රාහකයන් තේරීම සඳහා මෙවැනි ක්‍රමයක් කි‍්‍රයාත්මක කරන ලද්දේ අඛණ්ඩව දෙවැනි වරට ය. ටොයෝටා අමතර කොටස් සහ මෝටර් ඔයිල් යන කාණ්ඩ දෙක යටතේ පැවති මෙම වැඩසටහනට අලෙවි නියෝජිතයන්, වාහන පෙළ පාරිභෝගිකයන් (Fleet Customers) සහ ටොයෝටා රථවාහන තෙල් සහ අමතර කොටස් අලෙවිකරුවන්ගේ සහභාගීත්වය හිමි විය. මේ අතරින් ආයතන 106 ක් නියෝජනය කරමින් ජයග්‍රාහකයන් 124 දෙනෙකු තෝරාගන්නා ලදි. ඉන් 63 දෙනෙකුට ජපානය වෙත සහ 60 දෙනෙකුට තායිලන්තය වෙතත් සංචාර හිමිවූ අතර 11 දෙනෙකුට LED රූපවාහිනී යන්ත්‍ර පිරිනමන ලදි. වැඩසටහනේ ත්‍යාග සඳහා වෙන්කළ මුදල රු. මිලියන 30 ක් විය.
විශිෂ්ටතම දක්ෂතා පෙන්නුම් කරමින් ජයග්‍රහණ හිමිකරගත් නියෝජිතයන් අතරට ලොයිඩ් ඔටෝමාට් බදුල්ල (ජයග්‍රාහක - Toyota 1S Dealers), විස්කම් මෝටර්ස් ඇන්ඩ් සර්විස් සෙන්ටර් පුද්. සමාගම (දෙවන ස්ථානය - Toyota 1S Dealers), ඔටෝ වර්ල්ඩ් පුද්. සමාගම කුරුණෑගල (ජයග්‍රාහක - Toyota 2S Dealers), සහ කුණ්ඩසාලේ ඔටෝ සර්විසස් මහනුවර (දෙවන ස්ථානය - Toyota 2S Dealers) යන සමාගම් ඇතුළත් විය. ජයග්‍රාහකයන්ට සුභපතමින් ටොයෝටා සමාගමේ කළමනාකාර අධ්යක්ෂ ෂුන්ගෝ යොෂිඕකා මහතා කියා සිටියේ පසුගිය වසර කිහිපය තුළ සමාගම කැපීපෙනෙන ප්‍රගතියක් අත්පත් කරගෙන ඇති බවයි. එම ප්‍රගතිය වෙනුවෙන් දැක්වූ දායකත්වය සම්බන්ධයෙන් ඔහු ටොයෝටා අලෙවි නියෝජිතයන්ට සිය කෘතඥතාව පළකළේ ය.
එමෙන්ම මෙහිදී අදහස් දැක්වූ ප්‍රධාන මෙහෙයුම් නිලධාරී මනෝහර අතුකෝරල මහතා, පසුගිය වසර 10 පුරාම මෝටර් රථවාහන ක්ෂේත්රය විවිධාකාරයේ අභියෝගවලට මුහුණදුන් බව කියා සිටියේ ය. —මේ අභියෝග ජයගැනීමට අපට හැකිවුණේ කාර්ය මණ්ඩලයේ සහ අලෙවි නියෝජිතයන්ගේ කැපවීම නිසයි. ඒ වෙනුවෙන් ඔවුන්ට මගේ ස්තුතිය පිරිනැමීමට මා මෙය අවස්ථාවක් කරගන්නවා.˜ ඒ මහතා වැඩිදුරටත් පැවසී ය.
ටොයෝටා ලංකා (පුද්.) සමාගම යනු ජපානයේ ටොයෝටා ට්සුෂෝ සමාගමේ පූර්ණ අයිතියට යටත් අනුබද්ධ සමාගමකි. 1995 දී ස්ථාපිත කෙරුණු එම සමාගම, මෙරට තුළ රථවාහන නිෂ්පාදන සමාගමක පූර්ණ හිමිකාරීත්වය යටතේ පවතින එකම සමාගමද වේ. ලොව පුරා විසිරුණු නියෝජිත ජාලයක් සමගින් සිය පාරිභෝගිකයන්ට විශිෂ්ටතම සේවයක් සලසමින් ක්ෂේත්රයට ආදර්ශ සැපයීමට ටොයෝටා සමාගම සමත් වී ඇත.
පුළුල් ලෙස පැතිරුණු අලෙවි නියෝජිත ජාලයක් සමගින් සිය නිෂ්පාදන හා සේවාවන් දිවයින පුරාම ව්‍යාපත් කිරීමට ටොයෝටා ලංකා සමාගමට හැකියාව ලැබී තිබේ. එම සමාගම ටොයෝටා වාහන, හීනෝ ලොරි රථ, ටොයෝටා ෆෝක්ලිෆ්ට් වැනි කාර්මික යන්ත්රසූත්ර, නියම ටොයෝටා අමතර කොටස්, ටොයෝටා රථවාහන තෙල් සහ පිරෙලි ටයර් සඳහා මෙරට නිල නියෝජිත ලෙස කටයුතු කරයි. එමෙන්ම එය Toyota Quality Service වැඩසටහනේ ප්‍රමිතිය යටතේ අලෙවියෙන් පසු සේවාවන් සැලසීම සඳහා බලයලත් සමාගමක්ද වේ.
Video Story