July, 22, 2016
නිල සංචාරයක් සඳහා ශ්‍රී ලංකාවට පැමිණ සිටින මලයාසියානු නියෝජ්‍ය අගමැති ආචාර්ය අහමඩ් සයීඩ් හමීඩි (Ahmad Zahid Hamidi)මැතිතුමා සහ මුදල් අමාත්‍ය රවී කරුණානායක මැතිතුමා අතර හමුවක් අද (22) පෙරවරුවේ පැවැත්විණි. කොළඹ ටාජ් සමුද්‍රා හෝටලයේ දී මෙම හමුව සිදු විය. නියෝජ්‍ය අගමැති ධුරයට අමතරව එරට ස්වදේශ කටයුතු අමාත්‍ය ධුරය ද දරන්නේ සයීඩ් හමීඩ් මැතිතුමා ය.
එහි දී අහමඩ් සයීඩ් හමිඩි මැතිතුමා කියා සිටියේ ශ්‍රී ලංකාවේ ආයෝජන අවස්ථා සඳහා මලයාසියානු ඉහළ පෙළේ ආයෝජකයන් සම්බන්ධ කිරීමට අපේක්ෂා කරන බවයි. ශ්‍රී ලංකාව තුළ විදේශ ආයෝජකයන්ට යහපත් පරිසරයක් නිර්මාණයවීම ඉතා වැදගත් බව ද හෙතෙම පෙන්වා දුන්නේය.
මෙම හමුවේ දී මුදල් අමාත්‍ය රවී කරුණානායක මැතිතුමා කියා සිටියේ ශ්‍රී ලංකාව දීර්ඝ කාලීන සංවර්ධන සැලැස්මක් ප්‍රකාශයට පත් කර ඇති බවයි. එහි දී විදේශ ආයෝජකයන්ට ආයෝජන අවස්ථා පුළුල් කිරීමට පියවර ගෙන ඇති බව ද හෙතෙම කියා සිටියේ ය.