සංචාරක පැමිණීම ලක්ෂ 15 ඉක්මවයි

    August, 18, 2025

    2025 වස‌රේ මේ දක්වා මෙරටට පැමිණ ඇති සමස්ත සංචාරකයින් සංඛ්‍යාව ලක්ෂ 15 සිමාව ඉක්මවා ඇති බව වාර්තා වෙයි.

    ඒ අනුව 2025 අගෝස්තු 18 වන දින දක්වා මෙරටට පැමිණ ඇති සමස්ත සංචාකයින් සංඛ්‍යාව දැක්වෙනුයේ 1,500,656ක් ලෙසයි.

    විදේශ කටයුතු අමාත්‍යාංශය සිය නවතම දත්ත වාර්තාවන් නිකුත් කරමින් පෙන්වා දෙන්නේ අගෝස්තු මාසයේ පළමු දින 18 තුළ පස්වරු 3 දක්වා ගත වූ කාල සීමාවෙහි මෙරටට පැමිණ ඇති සමස්ත සංචාරකයින් සංඛ්‍යාව 132,368ක් ලෙසයි.