ඉරාන තෙල් යළිත් ලංකාවට

    July, 25, 2016

    ඉරාන බොරතෙල් ආනයනය යළි ආරම්භ කරන බව ඛනිජතෙල් හා පෙට්‍රෝලියම් වායු අමාත්‍ය චන්දිම වීරක්කොඩි මහතා පැවසීය. ඉරාන ඛනිජ තෙල් අමාත්‍යවරයා සමග සිය නිල නිවසේ ඊයේ (25) පැවති සාකච්ඡාවකින් අනතුරුව අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේය.

    පස්දෙනා හා එකතු වූ කෙනාගේ කල්ලිය හෙවත් Group 5+1 විසින් ඉරානයට පනවා තිබූ සම්බාධක හේතුකොට ගෙන 2012 වසරේ දී ඉරානයෙන් බොරතෙල් ආනයනය අත්හිටුවීමට ශ්‍රී ලංකාවට සිදුවිය. රුසියාව, චීනය, ඇමරිකා එක්සත් ජනපදය, බ්‍රිතාන්‍ය, ප්‍රංශය හා ජර්මනිය මෙම Group 5+1 කණ්ඩායමට අයත් රටවල් වේ.

    ඉරානයට පනවා තිබූ සම්බාධක 2015 ජූලි 14 සිට බවත් කිරීමට මෙම කණ්ඩායම පියවර ගනු ලැබීය.