කොටස් වෙළෙඳපොළේ පසුබැස්මක්

    August, 22, 2025

    අද (22) දිනයේ ගනුදෙනු අවසානයේ කොළඹ කොටස් වෙළෙඳපොළ මිල දර්ශකවල පහළ යාමක් දක්නට ලැබුණි.

    ඒ අනුව දිනයේ ගනුදෙනු අවසානයේ සියලු කොටස් මිල දර්ශකය ඒකක 66.29කින් පහළ ගොස් ඒකක 20,649.20ක් ලෙසින් සටහන් වූ අතර S&P SL20 මිල දර්ශකය ඒකක 18.65කින් පහළ ගොස් ඒකක 6,089.84ක් ලෙසින් සටහන් විය.

    අද සමාගම් 107ක කොටස් මිල ගණන් සියලු කොටස් මිල දර්ශකයේ හැසරීමට ධනාත්මක දායකත්වයක් ලබා දී තිබූ අතර සමාගම් 109කින් ඒ සඳහා ලැබී තිබුනේ සෘණාත්මක දායකත්වයකි.

    අද ගනුදෙනු පිරිවැටුම දැක්වුනේ රුපියල් බිලියන 5.09ක් ලෙසයි.