August, 25, 2025
අද (25) කොළඹ කොටස් වෙළෙඳපොළ ගනුදෙනු අවසානයේ අඛණ්ඩව දෙවන දිනයටත් මිල දර්ශකවල පහළ යාමක් දක්නට ලැබුණි.
ඒ අනුව සියලු කොටස් මිල දර්ශකය ඒකක 73.61කින් පහළ ගොස් ඒකක 20,575.59ක් ලෙසින් සටහන් වූ අතර S&P SL20 මිල දර්ශකය ඒකක 47.33කින් පහළ ගොස් ඒකක 6,042.51ක් ලෙසින් සටහන් විය.
අද සමාගම් 76ක පමණක් කොටස් මිල ගණන් සියලු කොටස් මිල දර්ශකයේ හැසිරීමට ධනාත්මක දායකත්වයක් ලබා දී තිබූ අතර සමාගම් 142කින් ඒ සඳහා ලැබී තිබුනේ සෘණාත්මක දායකත්වයකි.
අද ගනුදෙනු පිරිවැටුම දැක්වුනේ රුපියල් බිලියන 4.40ක් ලෙසයි.
Video Story