සංචාරක කර්මාන්තයේ උන්නතිය වෙනුවෙන් ජනාධිපති කාර්ය සාධක බලකායක්

    August, 26, 2025

    ශ්‍රී ලංකාවේ සංචාරක වැඩසටහන ක්‍රියාත්මක කිරීම සඳහා වන ජනාධිපති කාර්ය සාධක බලකාය ස්ථාපිත කරමින් අති විශේෂ ගැසට් පත්‍රයක් නිකුත් කර ඇත.

    රාජ්‍ය අංශයේ ආයතන සහ රාජ්‍ය - පෞද්ගලික හවුල්කාරීත්ව සංවිධාන සංචාරක ව්‍යාපාරය උත්ශ්‍රේණිගත කිරීමේ දී ප්‍රධාන උත්ප්‍රේරක කාර්යභාරයක් ඉටු කරන හෙයින් පවතින ආයතන නිසි ලෙස සම්බන්ධීකරණය සහ අංශයේ වේගවත් පරිවර්තනයක් උත්ප්‍රේරණය කිරීම සඳහා රජයත්, පළාත්, දිස්ත්‍රික් හා ප්‍රාදේශීය මට්ටමෙන් කැපවූ, බලගැන්වූ යාන්ත්‍රණයක් සහ විශේෂ වැඩපිළිවෙලක අවශ්‍යතාවය රජය විසින් හඳුනාගෙන ඇති බැවින් සහ රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ සඳහන් “නව්‍ය සංචාරක කර්මාන්තයක් ආකර්ශනීය ගමනාන්තයක්“ යටතේ පොහොසත් රටක් නිර්මාණය කිරීමේ දී මෙම කර්මාන්තය ප්‍රමුඛ අවධානයට ලක්ව ඇති බැවින් මෙලෙස කාර්ය සාධක බලකායක් සංචාරක කර්මාන්තය වෙනුවෙන් ස්ථාපිත කිරීමට තීරණය වී ඇත.

    මේ සඳහා සංචාරක අමාත්‍යවරයා, නියෝජ්‍ය අමාත්‍යවරයා, ජනාධිපති ලේකම්, මුදල් ලේකම් ඇතුළු 28 දෙනෙකුගෙන් යුත් සාමාජික මණ්ඩලයක් පත් කර තිබේ.

    මෙම 28 දෙනෙකුගෙන් යුතු කාර්ය සාධක බලකා සාමාජිකයින් අතරට ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක දුමින්ද හුලංගමුව ඇතුළුව ක්‍රිෂාන් බාලේන්ද්‍ර, නිහාල් මුහන්දිරම්, නලින් ජයසුන්දර, සුරන්ජිත් වෑවිට සහ ශිරෝමාල් කුරේ යන පුද්ගලික අංශය නියෝජනය කරනු ලබන සාමාජිකයින් කිහිපදෙනෙකු ද පත්කර තිබීම විශේෂත්වයකි.

    මෙම කාර්ය සාධක බලකායට ක්‍රියාත්මක කිරීම සඳහා පැවරෙන කාර්යන් පහත පරිදි වේ.

    1. ප්‍රතිපත්ති විශ්ලේෂණය, උපාය මාර්ගික සැලසුම් සකස් කිරීම සහ නියාමනය

    2. අභියෝග හඳුනා ගැනීම සහ විසඳුම් යෝජනා කිරීම

    3. අධීක්ෂණය සහ ඇගයීම

    4. ප්‍රාදේශීය මට්ටම දක්වා පුළුල් කිරීම

    5. ආකර්ශනීය ගමනාන්ත සඳහා පහසුකම් පුළුල් කිරීම

    6. තිරසාර සංචාරක සංවර්ධනය

    7. සංචාරක ප්‍රවර්ධනය, අලෙවිකරණය සහ සන්නාමකරණය

    මෙම කාර්ය සාධක බලකායට ඇතුළත් වන සාමාජිකයින් පහත පරිදි වේ.