ශ්‍රී ලංකාව මෙතෙක් මාසයක් තුළ ලබා ගත් ඉහළම අපනයන වර්ධනය ජූලි මාසයේ

    August, 26, 2025

    ජූලි මාසයේ දී මෙරට අපනයන ආදායම ඇමරිකානු ඩොලර් මිලියන 1641 දක්වා ඉහළ ගොස් ඇති අතර එය ශ්‍රී ලංකාවේ මෙතෙක් මාසයක් තුළ ලබා ගත් ඉහළම අපනයන වර්ධනය බව අපනයන සංවර්ධන මණ්ඩලයේ (EDB) සභාපති සහ ප්‍රධාන විධායක නිලධාරී මංගල විජේසිංහ මහතා පවසයි.

    ඔහු මේ බව පවසා සිටියේ ඊයේ(25) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.

    මෙම වසර අවසානයේ අපනයන ආදායමෙහි 10%ක්, 12%ක් දක්වා වර්ධනයක් ලබා ගැනීමට බලාපොරොත්තු වන බවත් ජූලි මාසයේ පමණක් මෙලෙස ලබාගත් 12.76%ක වර්ධනය එහි දී ඉතාමත්ම කැපී පෙනෙන බවත් ඔහු පවසා සිටියේ ය.

    "ශ්‍රී ලංකාවේ අපනයන ආදායමට ජූලි මාසය ඉතාමක් වැදගත් මාසයක් වෙනවා. මොකද ජූලි මාසයේ අපනයන ආදායම ඇමරිකානු ඩොලර් මිලියන 1641 දක්වා වැඩි වෙලා තියනවා. මෙය මෙතෙක් ශ්‍රී ලංකාවේ මාසයක් තුළ ලබා ගත්තු මෙතෙක් ඉතාමත් ඉහළම අපනයන වර්ධනය. ඒ වගේම මෙහි දී භාණ්ඩ අංශයේ අපනයන ආදායම අපි දකිනවා ඇමරිකානු ඩොලර් මිලියන 1304ක් දක්වා වර්ධනය වෙලා තියනවා. ගිය වසරත් එක්ක සසඳන විට එය 15.37ක වර්ධනයක් වෙලා තියනවා. ඒ්‍ වගේම සේවා අංශයේ අපනය ආදායම ඇමරිකානු ඩොලර් මිලියන 337ක් දක්වාත් වර්ධනය වෙලා තියනවා. මේ අපනයන ක්ශේත්‍රෙය් ඉතාමත් වැදගත් සංධිස්තානයක්. මොකද ලංකාවේ අපනයන ආදායමෙහි අපි බලාපොරොත්තු වෙනවා මේ වසරේ දී 10%ක 12%ක වර්ධනයක් ලබා ගැනීම සඳහා. එහි දී මුල් කාර්තු දෙකෙ දී අපි සාර්තකත්වයකට ලන්වුනා. දෙවැනි කාර්තුවේ දී ජූලි මාසයේ පමණක් මේ 12.76%ක වර්ධනය ඉතාමත්ම කැපී පේනවා. "

    මෙම කැපී පෙනෙන වර්ධනයට හේතු වූ අංශ ලෙස ඇගළුම් කර්මාන්තය, තේ, පොල් ආශ්‍රීත නිෂ්පාදන, සැකසූ ආහාර වර්ග, ස්වර්ණාභරණ, එළඵවළු පලතුරු ඇතුළු අංශ සහ Transport Logistic අංශයද ප්‍රධාන වශයෙන් හෙතු වී ඇති බවයි අපනයන සංවර්ධන මණ්ඩලයේ සභාපතිවරයා පෙන්වා දෙන්නේ.

    "මෙහි දී විශේෂයෙන්ම කැපී පේන අංශ වශයෙන් අපි ගත්තොත් ඇගළුම් කර්මාන්තය, තේ, පොල් ආශ්‍රීත නිෂ්පාදන, සැකසූ ආහාර වර්ග, ස්වර්ණාභරණ ඒ වගේම අපි දකිනවා එළවළු, පලතුරු ඇතුළු අංශවල ඉතාමත් කැපී පෙනෙන වර්ධනයක් අපිට දක්නන්න පුළුවන්. ඒ වගේම සේවා අංශයේ ගත්තොත් විශේෂයෙන්ම transport logistic අංශයේ 14% කට වඩා වැඩි වෙලා තියනවා අපනයන ආදායම."

    තව ද මෙතෙක‍් ඉතිහාසයේ මාස 7ක දී ලබාගත් ඉහළම අපනයන වර්ධනය ද මෙම වසරේ දී වාර්තා වී ඇති අතර 2025 වසරේ පළමු මාස 7 තුල අමෙරිකානු ඩොලර් බිලියන 10කට ආසන්න අපනයන ආදායමක් වාර්තා වී ඇති බව මංගල විජේසිංහ මහතා වැඩි දුරටත් පවසා සිටියේ ය.

    "ජනවාරි සිට ජූලි දක්වා මාස 7ක අපනයන ආදායම දැන් අමෙරිකානු ඩොලර් බිලියන 10කට ආසන්න වෙලා තියෙනවා. එය ඉතාම කැපී පෙනෙන වර්ධනයක්. මෙය තමා මාස 7ක දී ලබාගත් ඉතා ඉහළම අපනයන වර්ධනය ශ්‍රී ලංකාවේ. අපි මේ වසරේ දී බලාපොරොත්තු වෙනවා විදේශ විනිමය සංචිතය ලංකාවේ ඩොලර් බිලියන 7.3කට යන්න. ඩොලර් බිලියන 10කට ආසන්න වූ මෙම අපනයන ආදායම වෙළෙඳ භාණ්ඩ අංශයේ අපනයන ආදායම අපි දකිනවා අ.ඩො.මි 7,800 ළං වෙලා තියෙනවා. සේවා අංශයේ අපනයන ආදායම ඩොලර් මිලියන 2,192 දක්වා වර්ධනය වෙලා. ඒ අනුව මුල් මාස 7 තුළ 7.79ක වර්ධනයක් මුල් මාස 7 සඳහා."