දින 24ක දී 166,766ක සංචාරකයින් පිරිසක් දිවයිනට

    August, 27, 2025

    අගෝස්තු මාසයේ පළමු දින 24 තුළ දී 166,766ක සංචාරකයින් පිරිසක් මෙරටට පැමිණ ඇති බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පවසයි.

    ඔවුන් සිය නවතම දත්ත වාර්තාවන් නිකුත් කරමින් පෙනවා දෙන්නනේ එම නව සංචාරක පැමිණීම් දත්ත සමග 2025 වසරේ මේ දක්වා මෙරටට පැමිණ ඇති සමස්ත සංචාරකයින් සංඛ්‍යාව 1,535,054 ක් ලෙසයි.

    අගෝස්තු මාසයේ පළමු දින 24 තුළ වැඩිම සංචාරකයින් පිරිසක් පැමිණ ඇති රට ලෙස අඛණ්ඩව ඉන්දියාව පෙරමුනේ පසුවන අතර එරටින් පැමිණ ඇති සංචාරකයින් සංඛ්‍යාව 38,456කි.

    මීට අමතරව එක්සත් රාජධානියෙන් 17,418ක්, ඉතාලියෙන් 11,459ක් සහ චීනයෙන් 10,559ක් ලෙස වැඩි වශයෙන් සංචාරකයින් මෙරටට පැමිණ ඇති බව වාර්තා වෙයි.