සුරැකුම්පත් කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල්ව අනිවාර්ය නිවාඩු යවයි

    August, 27, 2025

    ශ්‍රී ලංකා සුරැකුම්පත් හා විනිමය කොමිෂං සභාවේ අධ්‍යක්ෂ ජනරාල් චින්තක මෙන්ඩිස් මහතා අනිවාර්ය නිවාඩු යවා ඇති බව වාර්තා වේ.

    මේ බව සඳහන් කරමින් Daily FT ව්‍යාපාරික පුවත්පත් පවසන්නේ මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් කොමිසමේ සාමාජිකයින්ගේ නිර්දේශ මත මෙම පියවර අනුමත කර ඇති බවයි.

    මේ අතර  සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාවේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් තුෂාර ජයරත්න මහතා, මේ වන විට අන්තර්කාලීන පියවරක් ලෙසින් අදාළ තනතුරේ වැඩ බැලීමට පත් කර ඇති බව වැඩිදුරටත් වාර්තා වේ.

    කොළඹ කොටස් වෙළෙඳපොළේ නව ප්‍රධාන විධායක නිලධාරිනිය ලෙසින් නම් කර ඇති වින්ද්‍යා ජයසේකර සහ සුරැකුම්පත් කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල්වරයා වූ චින්තක මෙන්ඩිස් අතර පවතින ඥාති සම්බන්ධතාවය අනාවරණය නොකිරීම හේතුවෙන් ඇති වූ ලබැඳියාවන් අත ගැටුම්කාරී තත්ත්වය මත මෙලෙස චින්තක මෙන්ඩිස් මහතාව අනිවාර්ය නිවාඩු යැවීමේ වාතාවරණය නිර්මාණය වී තිබෙන බව ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කරයි.