පෙට්‍රල් 92 බැරල් ලක්ෂ 15ක කොන්ත්‍රාත්තුව සිංගප්පූරුවේ ආදිත්‍ය බිර්ලාට

    August, 27, 2025

    2025‑09‑15 දින සිට 2026‑03‑14 දින දක්වා මාස හයක (06)ක කාලයක් සඳහා ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ ලියාපදිංචි සැපයුම්කරුවන් වෙතින් පෙට්‍රල් 92 Unl බැරල් 1,500,000+/-5%ක අවශ්‍යතාව සපයා ගැනීම සඳහා ලංසු කැඳවා තිබේ.

    මේ සඳහා සැපයුම්කරුවන් 08දෙනෙකු විසින් ලංසු ඉදිරිපත් කර ඇත.

    අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද විශේෂ ස්ථාවර ප්‍රසම්පාදන කමිටුව විසින් කරනු ලැබ ඇති නිර්දේශය මත පදනම්ව, පෙට්‍රල් 92 Unl බැරල් 1,500,000+/-5% (බැරල් 300,000+/-5% බැගින් වූ නැව් තොග 05ක්) සපයා ගැනීම සඳහා වූ දිගුකාලීන කොන්ත්‍රාත්තුව M/s. Aditya Birla Global Trading (Singapore) pte. Ltd. Singapore වෙත පිරිනැමීම පිණිස බලශක්ති අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.