August, 27, 2025
තුවාලවලට ප්‍රතිකාර කිරීම සහ කළමනාකරණය කිරීම සඳහා භාවිත කරනු ලබන නැනෝක්රිස්ටල් සිල්වර් ඩ්‍රෙසින් 20,000ක් (20cm x 40cm ප්‍රමාණයේ) සපයා ගැනීම සඳහා ජාත්‍යන්තර තරගකාරී ලංසු කැඳවා ඇත. ඒ සඳහා එක් ලංසුවක් පමණක් ඉදිරිපත් වී තිබේ.
ඒ අනුව, ඉහළ මට්ටමේ ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය මත පදනම්ව, ප්‍රතිචාරාත්මක එකම ලංසුකරු වූ ශ්‍රී ලංකාවෙහි CIC Holdings PLC (Manufacturer: Smith & Nephew Medical Limited., United Kingdom) වෙත අදාළ ප්‍රසම්පාදනය රුපියල් මිලියන 639.5ක (+ එකතු කළ අගය මත බදු) මුදලකට ප්රදානය කිරීම පිණිස සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
Video Story