July, 26, 2016
99X Technology ආයතනය ‘‘මානව සම්පතට මුල් තැන’’ යන සංකල්පය ප‍්‍රමුඛත්වයේ තබාගනිමින් කටයුතු කිරීමේ ප‍්‍රතිඵලයක් ලෙස Great Place to Work ආයතනය විසින් 99X Technology ශ‍්‍රී ලංකාවේ විශිෂ්ටතම සේවා ස්ථාන අතරට නැවත වරක් නම් කරනු ලැබ ඇත. මෙම සම්භාවනීය දර්ශකය සදහා සිව්වන වසරටත් ඇතුළත් වන එකම තොරතුරු තාක්ෂණ (IT) සමාගම බවට පත්වීමට හැකිවීම ඉමහත් ගෞරවයකි.
මෙලෙසම පසුගිය වර්ෂයේදී සමාගම, සුවිශේෂ අංශ සඳහා පිදෙන සම්මාන (Category Awards) ද්විත්වයකින් පිදුම් ලැබූ අතරම ශ‍්‍රී ලංකාවේ විශිෂ්ටතම සේවා ස්ථාන අතර ප‍්‍රමුඛතම 25 දෙනා අතරට එක්වීමට ද හැකි විය. එහිදී හිමිවූ මුල්ම සම්මානය රන් සම්මානයක් වූ අතර ඒ සු`ඵ පරිමාණ ව්‍යාපාර අංශයේ විශිෂ්ටතමයා බවට පත්වීම හේතුවෙනි. අනෙක් සම්මානය හිමිවන්නේ සේවක හඬට කන්දීම වෙනුවෙන් පෙන්වූ විශිෂ්ටත්වය 'Excellence in Employee Voice’ උදෙසාය. මෙහිදී ඇහුම්කන්දීම, සහයෝගීබව සහ දුක්ගැනවිලි සඳහා සහන සැලසීම යන අංශ කෙරෙහි සමාගම දැක්වූ විශිෂ්ටත්වය සැලකිල්ලට ගනු ලැබූ අතරම සමාගමේ නම්‍යශීලී හා සමීප විය හැකි කළමනාකාරීත්වය, සේවකයන් සඳහා ප‍්‍රමාණවත් අවස්ථාවන් උදාකර දීම සහ කාර්යාලය ස්වභාවික යුක්තියේ මූලධර්මයන්ට යටත්ව පවත්වාගෙන යාම යන අංශ කෙරෙහි ද සමාගම දැක්වූ දායකත්වය සැලකිල්ලට ගනු ලැබීය.
‘‘ශ‍්‍රී ලංකාවේ විශිෂ්ටතම සේවා ස්ථාන අතරට අඛණ්ඩව තේරී පත්වීමට හැකිවීම ඇත්තටම අපිට ලොකු ආඩම්බරයක්. විශේෂයෙන්ම සෑම වසරකම සමාගමේ විවිධ අංශ මෙසේ ජයග‍්‍රහණයන් අත්කර ගැනීම අපට ලොකු අභිමානයක්. මෙහි ගෞරවය හිමිවිය යුත්තේ සාර්ථකත්වය අඛණ්ඩව රඳවා ගනිමින් එය දිනෙන් දින වර්ධනය කරන්නට කැපවී වෙහෙසෙන අපගේ වටිනාම සම්පත වන අපගේ සේවක මණ්ඩලයටයි. ඔවුන් නොවන්නට මේ කිසිවක් සැබෑ වන්නේ නැහැ.’’ යනුවෙන් අදහස් දක්වමින් 99X Technology ආයතනයේ සම - ආරම්භක සහ ප‍්‍රධාන විධායක නිලධාරී මනෝ සේකරම් මහතා මෙම විශේෂ අවස්ථාවේදී පැවසීය.
2015 වසරේදී 99X Technology ආයතනය සුවිශේෂ අංශ සඳහා පිදෙන සම්මාන (Category Awards) සදහා නිර්දේශ වූ අතර එනම් සංවර්ධනය (මානව සම්පත් සංවර්ධනය) පිළිබඳ විශිෂ්ට භාවිතය සහ සේවකයන් හඳුනාගැනීම පිළිබඳ විශිෂ්ට භාවිතය යන සම්මානයි. එහිදී සුඵ පරිමාණ ව්‍යාපාර අංශයේ රන් සම්මානය දිනා ගැනීමට 99X Technology ආයතනයට හැකි විය. එමෙන්ම සුඵ හා මධ්‍යම පරිමාණ සේවා ස්ථාන අතර 2015 වසරේ ආසියාවේ ප‍්‍රමුඛතම 25 දෙනා අතරට එක්වූ ශ‍්‍රී ලංකාවේ ප‍්‍රථම හා එකම සමාගම බවට පත්වීමට හැකිවීමද සුවිශේෂ ජයග‍්‍රහණයකි.
මෙම වර්ෂයේ Great Place to Work ආයතනයේ ශ‍්‍රී ලංකාව සඳහා සිදුකළ ඇගයීම සදහා සමාගම් 77 ක සේවකයන් 48,000 කට වැඩි ප‍්‍රමාණයක් සලකා බලන ලදී. එහිදී අදාළ ආයතනයන්ගේ අංශ දෙකක් පිළිබඳව අවධානය යොමු කරන අතර එ් සේවක අංශය සහ කළමනාකරුවන්ගේ අංශය යන ද්විත්වයයි. ආයතනයේ සංස්කෘතිය සහ භාවිතයන් පිළිබඳ මෙහිදී අවධානය යොමු කරයි.
99X Technology ආයතනයේ විශ්වාස කරන්නේ විශිෂ්ට සේවා ස්ථානයක් ගොඩනැගෙන්නේ නායකත්වය හා විශ්වාසය මත බවයි. එමගින් හොඳ සේවා ස්ථානයක් විශිෂ්ට සේවා ස්ථානයක් බවට පරිවර්තනය වන බවයි. යම් සේවා ස්ථානයක් එකිනෙකා කෙරෙහි විශ්වසනීයත්වයකින් කටයුතු කරන තැනක් බවට ගොඩනැගූ විට එම සේවක මඩුල්ල ආයතනය තුළත් ඉන් පිටත සමාජය තුළත්, දේශීයවත් ගෝලීයවත් ඉහළ සාර්ථකත්වයක් අත්කර ගනිමින් ඉදිරියට යනු ඇත.
99X Technology යනු සම්මාන ලාභී මෘදුකාංග නිෂ්පාදන නිර්මාණය කරන ඉංජිනේරු සමාගමක් වන අතර ලොව පුරා සිටින ස්වාධීන මෘදුකාංග විකුණුම් කරුවන් (independent software vendors -ISVs) සඳහා ඉහළම මට්ටමේ මෘදුකාංග නිෂ්පාදන සංවර්ධනය කිරීමේ සේවාවන් සපයනු ලබයි. යුරෝපීය කලාපය සඳහා මූලික අවධානයක් යොමු කරමින් කටයුතු කරන මෙම සමාගමේ මූලස්ථානය ශ‍්‍රී ලංකාවේ පිහිටා තිබෙන අතර නොර්වේ ඔස්ලෝ නුවරද කාර්යාලයක් පවත්වාගෙන යනු ලබයි. මෙතෙක් ඉහළ ප‍්‍රමිතියෙන් යුත් වානිජ නිෂ්පාදන 150 කට වැඩි ප‍්‍රමාණයක් සංවර්ධනය කරමින් හා සපයමින් සිදුකරන සේවාව සඳහා 99X Technology ඉතා ඉහළ පිළිගැනීමක් හිමිකරගෙන සිටියි.
Video Story