මුදල් ප්‍රතිපත්තියට පෙර මහ බැංකු අධිපති කොටස් වෙළෙඳපොළට

    July, 26, 2016

    මහ බැංකු මුදල් මණ්ඩලය විසින් ප්‍රකාශයට පත්කරනු ලබන 2016 ජූලි මාසයේ මූල්‍ය ප්‍රතිපත්ති විවරණය ජූලි 28 වන බ්‍රහස්පතින්දා පස්වරු 6.00 ට නිවේදනය කරනු ලබන බව ශ්‍රී ලංකා මහ බැංකුව කියා සිටී.

    මෙය නව මහ බැංකු අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා ගේ ප්‍රධානත්වයෙන් යුතු මුදල් මණ්ඩලය විසින් ප්‍රකාශයට පත්කරනු ලබන පළමු මූල්‍ය ප්‍රතිපත්ති විවරණයයි.

    මේ අතර මහ බැංකු අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා ජූලි 28 දින පෙරවරුවේ කොළඹ කොටස් වෙළෙඳපොළ ගනුදෙනු ආරම්භය සඳහා එක්වීමට ද නියමිතය.

    මේ සඳහා ශ්‍රී ලංකා සුරැකුම්පත් හා විනිමය කොමිෂං සභාවේ සභාපති තිලක් කරුණාරත්න හා කොළඹ කොටස් වෙළෙඳපොළ සභාපති වජිර කුලතිලක ඇතුළු සම්භාවනීය අමුත්තන් රැසක් එක්වීමට නියමිතය.