September, 8, 2025
මෙම වසරේ සැප්තැම්බර් 07 දින දක්වා කාලය වන විට මෙරටට පැමිණ ඇති විදෙස් සංචාරකයින්ගේ සංඛ්‍යාව දහසය ලක්ෂයේ සීමාව ඉක්මවා ගොස් ඇති බව සංචාරක සංවර්ධන අධිකාරිය පවසයි.
එහි නවතම දත්ත වාර්තාවලට අනුව සැප්තැම්බර් මාසයේ මුල් දින 07 තුළ දී 37,495ක සංචාරකයින් පිරිසක් මෙරටට පැමිණීමත් සමඟම මේ දක්වා ශ්‍රී ලංකාවට පැමිණ ඇති සමස්ත සංචාරකයින් සංඛ්‍යාව 1,604,018ක් දක්වා ඉහළ ගොස් තිබේ.
සංචාරක සංවර්ධන අධිකාරිය පවසන පරිදි පසුගිය අගෝස්තු මාසයේ දී 198,235ක සංචාරකයින් සංඛ්‍යාවක් මෙරටට පැමිණ ඇති අතර එය 2024 අගෝස්තු මාසයේ දී පැමිණ තිබූ 164,609ක සංචාරකයින් ප්‍රමාණයට වඩා 20.4% ක ඉහළ යාමකි.
සැප්තැම්බර් මාසයේ පළමු දින 7 තුළ 5,940ක වැඩිම සංචාරක පැමිණීමක් සැප්තැම්බර් 04 වන දින වාර්තා වී ඇති අතර 10,171ක වැඩිම සංචාරකයින් පිරිසක් පැමිණ ඇති රට ලෙස අඛණ්ඩව ඉන්දියාව වාර්තා වී ඇත.
මීට අමතරව එක්සත් රාජධානියෙන් 3,033ක්, ජර්මනියෙන් 2,426ක් සහ ඕස්ට්‍රේලියාවෙන් 1,806ක් ලෙස එම කාලසීමාව තුළ වැඩි වශයෙන් සංචාරකයින් මෙරටට පැමිණ ඇති බව වාර්තා වෙයි.



Video Story