September, 9, 2025
1990 අංක 46 දරන කර්මාන්ත ප්‍රවර්ධන පනතේ විධිවිධාන ප්‍රකාරව පිහිටුවා ඇති "ප්‍රාදේශීය කර්මාන්ත සේවා කමිටුව" මඟින් සහ අමාත්‍යාංශ ලේකම් විසින් පත්කර ඇති "අමාත්‍යාංශ ව්‍යාපෘති ඇගයීම් කමිටුව" මඟින් කර්මාන්තපුරවල ආයෝජනය කිරීම සඳහා ආයෝජකයින් තෝරා ගැනීම සිදු කරනු ලබයි.
ඒ අනුව, ප්‍රාදේශීය කර්මාන්ත සේවා කමිටු විසින් නිර්දේශ කරනු ලැබ ඇති ව්‍යාපෘති යෝජනා 42ක් අතරින් ආයෝජන ව්‍යාපෘති 38ක් සඳහා ඉඩම් කොටස් වෙන් කිරීමට අමාත්‍යාංශ ව්‍යාපෘති ඇගයීම් කමිටුව විසින් ද නිර්දේශ කර තිබේ.
එකී ආයෝජකයින් 38 දෙනා විසින් සිදු කරනු ලැබීමට නියමිත සමස්ත ආයෝජන වටිනාකම රුපියල් මිලියන 2,548.22ක් වන අතර, එම කර්මාන්ත ව්‍යාපෘති හරහා ඍජු රැකියා අවස්ථා 1,559ක් පමණ ජනනය කිරීමට ද අපේක්ෂිතය.
ඒ අනුව, එකී ආයෝජකයින් වෙත වසර 35ක උපරිම කාලයකට බදු පදනම මත අදාළ කර්මාන්තපුරවලින් ඉඩම් කොටස් ලබා දීම පිණිස කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
Video Story