July, 27, 2016
'කෘෂි ව්‍යාපාර හා ආහාර කර්මාන්තයේ වාණිජමය තිරසර බව හා ඉහළ ඵලදායීතාව සඳහා නව සොයාගැනීම්' යන තේමාව යටතේ ආසියානු ආහාර හා කෘෂි ව්‍යාපාර සම්මන්ත්‍රණයක් 2016 වර්ෂයේ අගෝස්තු මස 02 සිට 05 දක්වා ශ්‍රී ලංකාවේදී පැවැත්වීමට ආසියානු ඵලදායීතා සංවිධානය (Asian Productivity Organization-APO) විසින් තීරණය කර ඇත.
මෙම සම්මන්ත්‍රණයේ සත්කාරකත්වය දැරීම පිණිස කෘෂිකර්ම අමාත්‍ය දුමින්ද දිසානායක මහතා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර තිබේ.
ආසියානු ඵලදායීතා සංවිධානය (Asian Productivity Organization-APO) අන්තර්ජාතික සංවිධානයක් ලෙස ජපානය පාදක කොට ගෙන 1961 වර්ෂයේදී පිහිටුවා ගන්නා ලද අතර, සාමාජික රටවල කාර්මික හා කෘෂිකාර්මික ක්ෂේත්රයන්හි ඵලදායීතාව ඉහළ නැංවීම එහි පරමාර්ථය වේ. ආසියා හා පැසිෆික් කලාපයේ රටවල් 20ක් එම සංවිධානයේ සාමාජිකත්වය ලබා ඇති අතර, ශ්‍රී ලංකාවද එහි සාමාජික රටකි.