මෙරට සංචාරක කර්මාන්තයට නව මානයක් එක් කළ පෝලන්ත යුවළකගේ ආදිවාසී විවාහ මංගලෝත්සවය

    September, 10, 2025

    මෙරට තුළ ඉහළ යන පෝලන්ත සංචාරක වෙළඳපොළ තව තවත් ආකර්ෂණය කර ගැනීමේ අරමුණින් ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය, බාන් හවුස් ආයතනය (The Barn House Sri Lanka) සමඟ එක්ව නව විවාහ මංගල්‍ය සහ විවාහ ගිවිස ගැනීමේ දීමනාවක් වන “Whispers of Ceylon” සංකල්පය මෙරටට හඳුන්වා දීමට කටයුතු කර ඇත.

    පසුගිය අගෝස්තු 24 වන දා පොලන්ත යුවළකගේ විවාහ මංගල්‍ය උලෙළක් ලාංකේය ආදි වාසී සංස්කෘතියට, ආදි වාසි විවාහ මංගල චාරිත්‍රවලට අනුව මෙරට තුළ ප්‍රථම වරට සිදු කරනු ලැබුවේ මෙම “Whispers of Ceylon” සංකල්පයට අනුවයි.

    මෙම මුලපිරීම හරහා විදෙස් ජාතිකයින්ට අපේ රටේ සංස්කෘතීන්ට,සම්ප්‍රදායන්ට අනුව සිය විවාහ මංගල්‍යෝත්සව සිදුකරගැනීමට අවස්ථාව සලසා දීමෙන් යුරෝපීය විවාහ මංගල්‍යයන් සඳහා ප්‍රමුඛ ගමනාන්තයක් ලෙස ශ්‍රී ලංකාව ගෙන ඒම අරමුණ වී ඇත.