July, 27, 2016
පාඩු ලැබීම හේතුවෙන් රජයට වැය බරක්ව පවතින බැවින් දැනට ප්‍රතිව්‍යූහගත කිරීමේ සැලසුම් සකස් කෙරෙමින් පවතින ජනතා වතු සංවර්ධන මණ්ඩලය, ශ්‍රී ලංකා රාජ්‍ය වැවිලි සංස්ථාව සහ ඇල්කඩුව වැවිලි සමාගම යන ආයතනයන්හි සේවකයින්ට මෙම වසරේ ඉදිරි කාලසීමාව සඳහා වැටුප් ගෙවීමට මහා භාණ්ඩාගාරය වෙතින් මුදල් ප්‍රතිපාදන ලබා දීම පිණිස රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන අමාත්‍ය කබිර් හෂිම් මහතාගේ යෝජනාව පරිදි කැබිනට මණ්ඩල අනුමැතිය ලැබී තිබේ.
ජනතා වතු සංවර්ධන මණ්ඩලය, ශ්‍රී ලංකා රාජ්‍ය වැවිලි සංස්ථාව සහ ඇල්කඩුව වැවිලි සමාගම ප්‍රතිව්‍යූහගත කිරීමට මේ වන විට සැලසුම් සකස් වෙමින් පවතී.