මිලියන විසිදහසක භාණ්ඩාගාර බිල්පත් විකුණයි

    July, 27, 2016

    අද දින පැවති භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියේ දී රුපියල් මිලියන 20,156 ක භාණ්ඩාගාර බිල්පත් සඳහා ලංසු අනුමත කිරීමට ශ්‍රී ලංකා මහ බැංකුවේ රාජ්‍ය ණය දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ.

    පසුගිය සතියේ බිල්පත් නිකුත් කළ පොළියට වඩා සාපේක්ෂව අඩු පොළී අනුපාතිකයක් යටතේ අද වෙන්දේසියේ දී නිකුතුව සිදුකර තිබෙන අතර දින 91 පරිණත කාලයෙන් යුතු බිල්පත් සඳහා ලැබුණු ලංසු භාර ගෙන නැත.

    අද පැවති භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසිය පිළිබඳ සවිස්තරාත්මක සටහනක් පහත දැක්වේ.