September, 16, 2025
2026 දී ශ්‍රී ලංකාව සිය ආර්ථික වර්ධනය 6% දක්වා ඉහළ නැංවීමට ඉලක්ක කර ගෙන ඇති බව ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතා පවසයි.
රොයිටර් පුවත් සේවය සමඟ පැවති සම්මුක සාකච්ඡාවකට එක් වෙමින් නියෝජ්‍ය අමාත්‍යවරයා පවසා සිටියේ, 2024 දී ශ්‍රී ලංකාව 5% ක ආර්ථික වර්ධනයක් වාර්තා කළ නමුත් අයවැය සම්මත කිරීම ප්‍රමාද වීම නිසා රජයේ වියදම් මන්දගාමී වූ බැවින්, මෙම වසරේ දී එය 4% සිට 4.5% දක්වා මන්දගාමී වීමට ඉඩ ඇති බවයි.
2026 දී රජය සිය ප්‍රාග්ධන වියදම 8% කින් එනම් රුපියල් ට්‍රිලියන 1.4ක් දක්වා වැඩි කිරීමට සැලසුම් කර ඇති බව ද වාර්තා වෙයි.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල, මෙම වසරේ දළ දේශීය නිෂ්පාදිත වර්ධනය 3.3% ක් සහ 2026 වසරේ දී එය 5.2% ක් වනු ඇතැයි පුරෝකථනය කර ඇත.
චීනය, ඉන්දියාව සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ආයෝජන මගින් 2026 දී රටට ඩොලර් බිලියන 2 කට වඩා විදේශ සෘජු ආයෝජන පැමිණෙනු ඇතැයි අපේක්ෂා කෙරේ.
අපනයන විවිධාංගීකරණය සහ සංචාරක ව්‍යාපාරය හරහා සංචිත වැඩි කිරීම කෙරෙහි රජය අවධානය යොමු කරන අතර, ණය ගැනීම තීරණාත්මක ආයෝජන සඳහා යොදා ගැනීමට සැලසුම් කර ඇති බව අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතා වැඩි දුරටත් පවසා සිටියේ ය.
Video Story