July, 28, 2016
රුපියල් දශ ලක්ෂ 60,000 ක භාණ්ඩාගාර බැඳුම්කර නිකුතුවක් හෙට (29) දිනයේ දී පවත්වන ශ්‍රී ලංකා මහ බැංකුවේ රාජ්‍ය ණය දෙපාර්තුමේන්තුව නිවේදනය කර සිටී.
2021, 2024 හා 2026 වසරවල දී කල්පිරෙන ආකාරයෙන් රුපියල් දශ ලක්ෂ 20,000 බැගින් වන භාණ්ඩාගාර බැඳුම්කර මෙහිදී වෙන්දේසිය සඳහා ඉදිරිපත් කිරීමට නියමිතය.
මේ සඳහා ශ්‍රී ලංකා මහ බැංකුව හඳුන්වා දී ඇති විද්‍යූත් ලංසු ඉදිරිපත් කිරීමේ පහසුකම මගින් පමණක් ප්‍රාථමික අලෙවිකරුවන්ගෙන් ලංසු කැඳවනු ලැබේ.
රාජ්‍ය ණය දෙපාර්තමේන්තුව මෙහිදී වැඩිදුරටත් කියා සිටින්නේ වෙළෙඳපොළ තත්ත්වයන් මත ශ්‍රී ලංකා මහ බැංකුව වෙන්දේසියට ඉදිරිපත් කළ ප්‍රමාණයට වඩා වැඩි හෝ අඩු ලංසු ප්‍රමාණයන් පිළිගනු ලැබිය හැකි බවයි.