September, 24, 2025
2026 වසරට අදාල අයවැය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීර්ණ ණය පහසුකම මගින් සහාය දක්වන ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රතිසංස්කරණ වැඩසටහන යටතේ ශ්‍රී ලංකාවට හිමිවීමට නියමිත මීළඟ වාරිකය මෙරටට ලැබීමට නියමිත බව මහ බැංකු අධිපති ආචාරිය නන්දලාල් වීරසිංහ මහතා පවසයි.
ඔහු මේ බව පවසා සිටියේ අද (24) පෙරවරුවේ මහ බැංකුවේ පැවති මුදල් ප්‍රතිපත්ති විවරණය දැනුම් දීමේ මාධ්‍ය හමුවට එක් වූ අවස්ථාවේදී යි.
ඒ අනුව මෙම වසර ඇතුළත දී එම වාරිකය ලබා ගැනීමට හැකි වනු ඇතැයි අපේක්ෂා කරන බව ද අධිපතිවරයා එහි දී වැඩි දුරටත් පවසා සිටියේ ය.
"මම හිතන්නේ ප්‍රධානම දේ රජය අයවැය ඉදිරිපත් කරලා අනුමත උනාට පස්සේ මුදල් ලැබෙන තත්ත්වයක් තමයි දැනට බලාපොරොත්තුව තියෙන්නේ. ඒ කියන්නේ අයවැය ඉදිරිපත් කරන්න ඕනේ ඊලඟ මාස 12ට ගැලපෙන ආකාරයට ඒකත් එක්ක ගියාම ඒක අනුමත උනාට පස්සේ මම හිතන්නේ අපිට අවසාන අනුමැතිය ගන්න පුළුවන් වෙයි කියලා තමයි බලාපොරොත්තු වෙන්නේ මෙම වසර ඇතුළත දී."
Video Story