September, 11, 2026
ISC Education අධ්‍යාපන ආයතනය යනු හුදෙක් විශ්වවිද්‍යාලයකට ප්‍රවේශය ලබා ගැනීම සඳහා පමණක් සීමාවූ වූ ජාත්‍යන්තර අධ්‍යාපන ආයතනයක් නොවේ. එය, විදේශ අධ්‍යාපනය පිළිබඳව කෙරෙන පළමු උපදේශනයේ සිට විශ්වවිද්‍යාල ප්‍රවේශය, විදේශගත වීම, විදේශීය අධ්‍යයන ජීවිතය සහ ඉන් ඔබ්බට ගතවන වසර කිහිපය දක්වා ශිෂ්‍යයාගේ සමස්ත අධ්‍යාපනික ගමන් මග සඳහා වගකීමෙන් යුතුව මඟපෙන්වමින් සහාය ලබාදීමට කැපවීමෙන් කටයුතු කරන උසස් අධ්‍යාපන ආයතනයකි.
ජාත්‍යන්තර අධ්‍යාපන හා විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා පහසුකම් සපයන සේවා ආයතනයක් ලෙස ISC Education, ශ්‍රී ලාංකික සිසුන්ට සුදුසු ජාත්‍යන්තර අධ්‍යාපන අවස්ථා වෙත ප්‍රවේශ වීමට පහසුකම් සැලසීම සඳහා විදේශීය විශ්වවිද්‍යාල සහ අධ්‍යාපන ආයතන සමගින් සෘජුව කටයුතු කරයි. විශ්වවිද්‍යාල නියෝජනය සහ ශිෂ්‍ය ලියාපදිංචි කටයුතු සමඟින්, උපදේශන සේවා, අධ්‍යයන පාඨමාලා හා විශ්වවිද්‍යාල තෝරාගැනීම, අයදුම්පත් සැකසීම, විශ්වවිද්‍යාල ප්‍රවේශ සම්බන්ධීකරණය, වීසා උපදේශනය, විදේශගත වීමට පෙර සූදානම් කිරීම සහ ශිෂ්‍ය ප්‍රවේශ කටයුතු ඇතුළුව, අධ්‍යාපනික ගමනේ ආරම්භයේ සිට අවසානය දක්වා පුළුල් සේවා හා සහාය ලබාදීමේ ආකෘතියක් යටතේ ISC Education සිය සේවාවන් ක්‍රියාත්මක කරයි.
වැදගත් කරුණක් වන්නේ, ශිෂ්‍යයන් උසස් අධ්‍යාපනය සඳහා විදේශගත වූ පසු ISC Education සමගින් පවතින සබඳතාව අවසන් නොවීමයි. විදේශගත වීමෙන් අනතුරුව ද, ශිෂ්‍යයන්ට අවශ්‍ය අඛණ්ඩ සහාය ලබාදීම සඳහා ඔවුන් පිළබඳව නැවත සොයා බැලීම, අධ්‍යයන ප්‍රගතිය නිරීක්ෂණය කිරීම, සුබසාධන සහාය, මාර්ගෝපදේශනය සහ ශිෂ්‍යයන් හා ඔවුන්ගේ පවුල් සමග අඛණ්ඩ සබඳතාවය ඇතුළත් සේවා ආකෘතියක් ISC Education විසින් ක්‍රියාත්මක කරනු ලබයි. මෙම දිගුකාලීන සබඳතාව මඟින් ISC Education හට ශිෂ්‍යයාගේ සමස්ත අධ්‍යාපනික ගමන් මග පුරා තවදුරටත් අඛණ්ඩව සම්බන්ධ වෙමින්, එය හුදෙක් විශ්වවිද්‍යාල ප්‍රවේශය හෝ සිසුන් ඇතුළත් කර ගැනීමට පමණක් සීමා වූ සේවාවක් ලෙස නොව, ශිෂ්‍යයාගේ සාර්ථකත්වය සඳහා දිගුකාලීනව කැපවෙන අධ්‍යාපන සහායකයෙකු ලෙස කටයුතු කරයි.
මෙම දැක්ම නැවත වරක් පිළිබිඹු වූයේ, අඛණ්ඩව පස්වැනි වරටත් පැවැත්වූ වාර්ෂික බෙලරුසියානු උපාධිධාරීන්ගේ සංගමයේ ක්‍රිකට් තරගය සහ සුහද හමුව අතරතුරදීය. මෙම වාර්ෂික හමුවට වර්තමාන සිසුන්, උපාධිධාරීන්, වෛද්‍ය වෘත්තිකයන්, දෙමාපියන් සහ පවුල්වල සාමාජිකයන් එක්වූ අතර, බෙලරුසියානු රාජ්‍ය වෛද්‍ය විද්‍යාලයේ (Belarusian State Medical University - BSMU) වෛද්‍ය අධ්‍යාපනය හදාරන ශ්‍රී ලාංකික සිසුන් වටා ගොඩනැගී ඇති ශක්තිමත් සබඳතාව ඒ තුළින් ප්‍රදර්ශනය විය.
වාර්ෂික ක්‍රිකට් තරගයෙන් දිනය ආරම්භ වූ අතර, එය කිරිමණ්ඩල මාවත ක්‍රීඩාංගණයේදී පැවැත්විණි. එහිදී උපාධිධාරීන් සහ වර්තමාන සිසුන් එක්ව තරගකාරී අයුරින් ක්‍රිකට් තරගයක් පවත්වනු ලැබූ අතර, එය වාර්ෂික වැඩසටහනේ සුවිශේෂී අංගයක් විය. එමෙන්ම මෙම වාර්ෂික හමුව හරහා ශ්‍රී ලංකාවේ BSMU ජාලයේ විවිධ පරම්පරාවන්ට එකිනෙකා මුණගැසිමටත්, සබඳතා වැඩිදියුණු කර ගැනීමට සහ අධ්‍යයන පරිසරයෙන් පරිබාහිරව සබඳතා තවදුරටත් ශක්තිමත් කර ගැනීමට අගනා අවස්ථාවක් සලසා දුනි.
ඉන් අනතුරුව කොළඹ, Cinnamon Life හෝටලයේ The Studio පරිශ්‍රයේදී වාර්ෂික හමුවේ සන්ධ්‍යා උත්සවය පැවැත්වුණු අතර, එහිදී සිසුන්, උපාධිධාරීන්, වෛද්‍යවරුන් සහ පවුලේ සාමාජිකයන් එක්ව සිය ඇගයීම් හා සුහද හමුව සමරනු ලැබීය.
එහි ප්‍රධාන අංගයක් වූයේ White Coat පැළඳවීමේ උත්සවයයි (White Coat Ceremony). White Coat පැළඳීම, වැදගත් අධ්‍යයන සන්ධිස්ථානයක් සංකේතවත් කරන අතර ඉන් ඔබ්බට අනාගත වෛද්‍ය වෘත්තිකයන්ගෙන් අපේක්ෂා කරන වෘත්තීයභාවය, වගකීම, අවංකභාවය සහ දයානුකම්පාව යන ගුණාත්මක කාරණා ඒ තුළින් විදහා දක්වනු ලබයි.
දෙමාපියන් සහ පවුල්වල සාමාජිකයන්ගේ සහභාගීත්වයෙන් මෙම උත්සවය වඩාත් අර්ථවත් අවස්ථාවක් බවට පත්විය. තම දරුවන්ගේ වෛද්‍ය අධ්‍යාපන ගමන් මගේ වැදගත් සන්ධිස්ථානයක් සමග එකතුවීමට දෙමාපියන්ට මෙහිදී අවස්ථාව හිමි වූ අතර, විදේශගතව වෛද්‍ය අධ්‍යාපනය හැදෑරීම යනු සිසුවා පමණක් නොව, සමස්ත පවුලේ කැපවීම සහ සහයෝගය ද ඇතිව ඉදිරියට යන ගමනක් බව මෙහිදී අවධාරණය කෙරිණි.
සිසුන් සමග පමණක් නොව, තම දරුවන්ගේ විදේශීය අධ්‍යයන ගමනට සහාය ලබා දීමේ වගකීම ISC Education වෙත භාර දී ඇති දෙමාපියන් සහ පවුල් සමගින්ද ආයතනය අඛණ්ඩ සබඳතාවක් පවත්වාගෙන යන බවට මේ තුළින් පිළිබිඹු විය. සිසුන්ගේ අධ්‍යාපනික ප්‍රගතිය සහ ජයග්‍රහණ සැමරීම සඳහා දෙමාපියන්, මාර්ගෝපදේශකයින් සහ වෛද්‍ය වෘත්තිකයින් ද සිසුන් සමගින් මෙම උත්සවයේදී එක් විය.
ශිෂ්‍යත්ව ප්‍රධාන හරහා ද ISC Education ආයතනය විසින් සිය ශිෂ්‍ය සමූහය වෙනුවෙන් අඛණ්ඩව සිදුකරනු ලබන ආයෝජනය තවදුරටත් පෙන්නුම් කළේය. මේ වන විට ශ්‍රී ලාංකික සිසුන් 200කට වැඩි පිරිසක් BSMU හි අධ්‍යාපනය ලබන අතර, ඔවුන්ගෙන් අඩකට වැඩි පිරිසක් 80% ඉක්මවූ අධ්‍යයන සාමාන්‍යයක් පවත්වාගෙන යාම හේතුවෙන්, මෙවර කුසලතා සහ කාර්යසාධන ශිෂ්‍යත්ව සඳහා පැවති තරගකාරීත්වය ඉහළ මට්ටමකට පැමිණ තිබීම විශේෂත්වයක් ද විය.
විශිෂ්ට අධ්‍යයන දක්ෂතා දැක්වූ සිසුන්ගෙන් අයදුම්පත් 40ක් ලැබුණු අතර, ඔවුන්ගෙන් බොහෝ දෙනෙකු 9.0ට වැඩි අධ්‍යයන සාමාන්‍යයක් ලබාගෙන තිබිණි. අපේක්ෂකයන් අතර අධ්‍යයන දක්ෂතාවල වෙනස ඉතා අවම මට්ටමක පැවති බැවින්, සම්මාන ප්‍රධානය කිරීමේදී ඔවුන්ගේ අඛණ්ඩ කාර්යසාධනය, වගකීම් නියමිත වේලාවට ඉටු කිරීම, ISC Education සමඟ සක්‍රීය සම්බන්ධතාවය සහ ශිෂ්‍ය ප්‍රජාව වෙනුවෙන් දක්වන දායකත්වය යන කරුණු ද සැලකිල්ලට ගන්නා ලදී.
ප්‍රධාන ශිෂ්‍යත්ව ඇගයීම් සම්මාන ප්‍රධාන කිරීමට සමගාමීව, අවසන් වටය සඳහා තෝරාගත් සිසුන් දසදෙනෙකු පදක්කම් සහ ඇගයීම් සහතිකපත් පිරිනමනු ලැබිණි.
වාර්ෂික ක්‍රිකට් තරගයෙන් අනතුරුව ද සම්මාන ප්‍රදානයක් පැවැත්වුණු අතර, ශූරයන්, අනුශූරයන්, හොඳම පන්දු යවන්නා, හොඳම පිතිකරු සහ හොඳම තුන් ඉරියව් ක්‍රීඩකයා ඇතුළු ජයග්‍රාහකයන් එහිදී ඇගයීමට ලක් කෙරිණි. සිසුන්ගේ දේශන, විවිධ ප්‍රාසාංගික ඉදිරිපත් කිරීම් සහ කුසපත් ඇදීමේ තරගයක් සමගින් සන්ධ්‍යාවේ පැවති උත්සවය වර්ණවත් අයුරින් අවසන් කරනු ලැබූ අතර, වසර ගණනාවක් පුරා ISC Education විසින් වර්ධනය කර ඇති ශක්තිමත් ප්‍රජා පරිසරය තුළ සිසුන්, උපාධිධාරීන්, වෛද්‍යවරුන් සහ ඔවුන්ගේ පවුල් එකම වේදිකාවක් මත සිය දක්ෂතාවයන් සහ සබඳතාවයන් සමරනු ලැබිණි.
ශිෂ්‍යයෙකුට විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා ලිපියක් ලැබීමෙන් හෝ විදේශගත වීම සඳහා ගුවන් යානයක් වෙත අසුන් ගැනීමෙන් ජාත්‍යන්තර අධ්‍යාපන ගමන අවසන් වන්නක් නොවන බව, අඛණ්ඩව පස්වැනි වරට පැවැත්වූ වාර්ෂික බෙලරුසියානු සුහද හමුව අවසානයේදී, ISC Education හි සේවාවන් තුළ ඇති පුළුල් දැක්ම තුළින් වැඩිදුරටත් පිළිබිඹු විය.
සෘජු විශ්වවිද්‍යාල සබඳතා, සිසුන් ස්ථානගත කිරීම, විශ්වවිද්‍යාල ප්‍රවේශ හා වීසා කටයුතු සම්බන්ධීකරණය, විදේශගත වීමට පෙර සූදානම් කිරීම, විදේශගත වීමෙන් අනතුරුව ලබාදෙන අඛණ්ඩ සහාය, අධ්‍යයන ප්‍රගතිය නිරීක්ෂණය කිරීම, උපදේශන සේවා සහ පවුල් සමගින් පවත්වාගෙන යනු ලබන සබඳතාවයන් ඇතුළු සේවාවන් හරහා ISC Education සිසුන් වෙත ජාත්‍යන්තර අධ්‍යාපන ගමන් මග පුරාවටම අඛණ්ඩ සහාය ලබා දීමට කැපවී සිටියි. එමෙන්ම, සිසුන්, දෙමාපියන්, උපාධිධාරීන් සහ වෘත්තිකයන් අතර සබඳතාවය වැඩිදියුණු කරමින් ශක්තිමත් ප්‍රජාවක් ගොඩනැගීම සඳහා ISC Education අඛණ්ඩව කටයුතු කරයි.

Video Story