October, 1, 2026
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් (Hayleys Fentons Limited) හි මොබිලිටි අංශය වන හේලීස් මොබිලිටි ලිමිටඩ් (Hayleys Mobility Limited) ආයතනය, සිය මගී සහ වාණිජ වාහන මාදිලි සඳහා පාරිභෝගිකයන් වෙත වඩාත් පහසු සහ නම්‍යශීලී වාහන ලීසිං විසඳුම් පිරිනැමීමට Siyapatha Finance PLC සමඟ උපායමාර්ගික අවබෝධතා ගිවිසුමකට (MoU) පසුගියදා අත්සන් තබන ලදි.
මෙම හවුල්කාරීත්වය ඔස්සේ Hayleys Mobility සතු පුළුල් වන මගී සහ වාණිජ වාහන එකතුවත්, Siyapatha Finance හි දිවයින පුරා පැතිරුණු ශාඛා ජාලය සහ මූල්‍ය විශේෂඥතාවයත් එකට එක්වේ. එමඟින් පාරිභෝගිකයින්ට තමන්ගේ අවශ්‍යතාවලට ගැළපෙන, පහසු ලීසිං විසඳුම් හරහා වාහන මිලදී ගැනීම වඩාත් පහසුවෙන් සහ නම්‍යශීලීව සිදු කිරීමට මඟ පාදයි.
මෙම හවුල්කාරීත්වය පිළිබඳව අදහස් දක්වමින් Siyapatha Finance PLC හි ප්‍රධාන විධායක නිලධාරී මතීෂ හේවාවිතාරණ මහතා මෙසේ සඳහන් කළේය:
"Siyapatha Finance හි අප සැමවිටම කැපවී සිටින්නේ පාරිභෝගිකයන්ගේ වෙනස් වන අවශ්‍යතා සහ අපේක්ෂාවන්ට ගැළපෙන නම්‍යශීලී මූල්‍ය විසඳුම් පිරිනැමීමටයි. Hayleys Mobility සමඟ ඇති කරගත් මෙම හවුල්කාරීත්වය හරහා, විශිෂ්ට සේවාවක් ලබා දීම, පාරිභෝගිකයාට ඉහළ වටිනාකමක් එකතු කිරීම සහ ශ්‍රී ලාංකේය පාරිභෝගිකයන්ට වැඩි අවස්ථාවන් උදාකර දීම වෙනුවෙන් අප ආයතන දෙක තුළම ඇති පොදු අරමුණ මනාව පිළිඹිබු වෙනවා."
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ්හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා මෙම සුවිශේෂී හවුල්කාරීත්වය පිළිබඳ අදහස් දක්වමින් මෙසේ පැවසීය:
"ලෝකප්‍රකට වාහන සන්නාම, ඉංජිනේරු තාක්ෂණික දායකත්වය, විද්‍යුත් ආරෝපණ යටිතල පහසුකම් (EV Charging) සහ විශ්වාසනීය අලෙවියෙන් පසු සේවාවන් සමඟින් පූර්ණ මොබිලිටි පරිසර පද්ධතියක් ගොඩනැඟීමට Hayleys Mobility කටයුතු කරමින් සිටිනවා. Siyapatha Finance සමඟ ඇති කරගත් මෙම හවුල්කාරීත්වය හරහා පාරිභෝගිකයන්ට ලැබෙන මූල්‍ය පහසුකම් තවදුරටත් ශක්තිමත් වන අතර, වාහනයක හිමිකාරීත්වය ලබා ගැනීම වඩාත් පහසු සහ නම්‍යශීලී එකක් බවට පත් වෙනවා."
Hayleys Mobility Limited හි විධායක අධ්‍යක්ෂිකා රොෂානි ධර්මරත්න මහත්මිය මේ පිළිබඳ වැඩිදුරටත් අදහස් දක්වමින් මෙසේ සඳහන් කළාය:
"OMODA, JAECOO, KAIYI, SRM වැනි මෝටර් රථ සහ වාණිජ වාහන සේම, CFMOTO සහ ZEEHO වැනි මෝටර් බයිසිකල් වාහන මාදිලි රැසක්ම අපගේ වාහන සන්නාම එකතුවට අයත් වෙනවා. ඒ නිසාම, පාරිභෝගිකයන්ගේ විවිධ පුද්ගලික මෙන්ම ව්‍යාපාරික ගමන් බිමන් අවශ්‍යතාවලට ගැළපෙන විසඳුම් පිරිනැමීමට අපට පුළුවන්. විවිධ ජීවන රටාවල සහ ව්‍යාපාරික මට්ටම්වල පසුවන පාරිභෝගිකයන්ගේ අවශ්‍යතා හඳුනාගනිමින්, 'ඕනෑම ගමනකට එක් සන්නාමයක්' යන අපගේ පාරිභෝගික පොරොන්දුව සැබෑවක් බවට පත් කිරීමට මේ හරහා අපට හැකියාව ලැබෙනවා.''
මෙම වාහන මාදිලි සහ මූල්‍ය හෝ ලීසිං පහසුකම් පිළිබඳ වැඩිදුර තොරතුරු ලබා ගැනීම සඳහා 0112 222 222 අංකයෙන් හේලීස් මොබිලිටි ආයතනය සම්බන්ධ කර ගත හැකිය.
ඡායාරූප විස්තරය: වම් පස සිට දකුණට: රජීව් ප්‍රනාන්දු - ප්‍රධාන විධායක නිලධාරී (හේලීස් මොබිලිටි ලිමිටඩ්), රොෂානි ධර්මරත්න - විධායක අධ්‍යක්ෂිකා (හේලීස් මොබිලිටි ලිමිටඩ්), හසිත් ප්‍රේමතිලක - කළමනාකාර අධ්‍යක්ෂක (හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ්), මතීෂ හේවාවිතාරණ - ප්‍රධාන විධායක නිලධාරී (සියපත ෆිනෑන්ස් පීඑල්සී), රජීව් ද සිල්වා - ප්‍රධාන මෙහෙයුම් නිලධාරී (සියපත ෆිනෑන්ස් පීඑල්සී), හිෂාම් සියාඩ් - ප්‍රධාන අලෙවි නිලධාරී (සියපත ෆිනෑන්ස් පීඑල්සී)
Video Story