September, 25, 2025
2025 සැප්තැම්බර් 24 දින “ශ්‍රී ලංකාවේ ඩිජිටල් ආර්ථිකය බලගැන්වීම: මූල්‍ය ඇතුළත් කිරීම සහ වර්ධනය මෙහෙයවන නවෝත්පාදන” යන තේමාව යටතේ ගෝලීය මූල්‍ය විශේෂඥයින්, ප්‍රමුඛ පෙළේ නවෝත්පාදකයින්, ආයෝජකයින්, ආරම්භකයින් සහ ප්‍රතිපත්ති සම්පාදකයින් එකම වේදිකාවක් මතට ගෙන එමින් ශ්‍රී ලංකා ෆින් ටෙක් සමුළුව 2025 බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවෙදී (BMICH) හිදී පැවැත්විණ.
ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය සහ මුදල් අමාත්‍යාංශය, හැටන් නැෂනල් බැංකුව (HNB), ශ්‍රී ලංකා ෆින් ටෙක් සංසදය සමඟින් ටෙක්සා (පුද්ගලික) සමාගම විසින් සංවිධානය කරන ලද මෙම දෙදින සමුළුව ජාතියේ ඩිජිටල් අනාගතය වෙනුවෙන් ශක්තිමත් මාවතක් ගොඩනැගීමට නියමිතය.
මෙහි සමාරම්භක උත්සවය සඳහා ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ආචාර්ය පී. නන්දලාල් වීරසිංහ, ගරු ඩිජිටල් ආර්ථික නියෝජ්‍ය අමාත්‍ය එරංග වීරරත්න, ඩිජිටල් ආර්ථිකය පිළිබඳ ජනාධිපති ප්‍රධාන උපදේශක ආචාර්ය හාන්ස් විජයසූරිය මහතා, මුදල් අමාත්‍යංශ ලේකම් හර්ෂන සූරියප්පෙරුම, ඩිජිටල් ආර්ථික අමාත්‍යංශ ලේකම් (වැ.බ) වරුන ධනපාල යන සම්භාවනීය සම්භාවනීය අමුත්තන්, නියාමකයින් සහ කර්මාන්ත හිමියන් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.
ඔවුන් සමුළුව අමතමින් පෙන්වා දුන්නේ ආර්ථික වර්ධනය වේගවත් කිරීම, මූල්‍ය ඇතුළත් කිරීම මෙහෙයවීම සහ ශ්‍රී ලංකාව කලාපීය ඩිජිටල් මධ්‍යස්ථානයක් ලෙස ස්ථානගත කිරීම සඳහා FinTech වැනි වේදිකාවන් පරිවර්තනීය කාර්යභාරය ඉටු කරන බවයි. දිවයින පුරා වෙසෙන සියලු ප්‍රජාවන් වෙනුවෙන් අවස්ථා විවෘත කිරීම සඳහා නවෝත්පාදන-හිතකාමී නියාමනය, රේඛීය අංශ සමඟ සහයෝගීතාවය සහ තිරසාර මූල්‍ය ආකෘතිවල වැදගත්කම ඔවුන් මෙහිදී අවධාරනය කළේය.
“දේශසීමා හරහා ගෙවීම් නවෝත්පාදනය” සහ “තිරසාර මූල්‍ය සහ පාරිසරික, සමාජ සහ ආයතනික පාලනයට ප්‍රමුඛත්වය දෙන ආයෝජන (ESG) මත කලාපීය ඒකාබද්ධතාවය” යන තේමාවන් යටතේ පැවති සැසි සමඟින්, පළමු දිනයේ ඩිජිටල් ගෙවීම්, ග්‍රාමීය මූල්‍ය, blockchain, කෘත්‍රීම බුද්ධිය, ඩිජිටල් වත්කම් සහ තිරසාර මූල්‍යවල අනාගතය පිළිබඳ සාකච්ඡා පැවති අතර, එහිදී ගෝලීය හවුල්කාරිත්වයන් සහ ආයෝජන ආකර්ෂණය කර ගැනීමේ ශ්‍රී ලංකාවේ විභවය පෙන්වා දෙන ලදී.
මෙහි තවත් විශේෂ අවස්ථාවක් වූයේ VISA Accept ගෝලීය වශයෙන් දියත් කිරීම, ලොව ප්‍රමුකතම සේවාවක් වන VISA Accept, ශ්‍රී ලංකාවේදී දියත් කිරීම, ක්ෂුද්‍ර හා කුඩා ව්‍යාපාරවලට අමතර දෘඩාංග හෝ යටිතල පහසුකම් වලින් තොරව, ඔවුන්ගේ ස්මාර්ට්ෆෝන් පමණක් භාවිතා කරමින් ණය සහ හර කාඩ්පත් ගෙවීම් පිළිගැනීමට බලගැන්වීම ඔස්සේ ඩිජිටල් ගෙවීම් සඳහා ඇති ප්‍රධාන බාධකයක් ඉවත් කිරීම ද සමුළුවට සමඟාමීව සිදු විය. මෙය අනාගතයේ දී බිම් මට්ටමේ මූල්‍ය ඇතුළත් කිරීම් සඳහා දැවැන්ත සහාය වනු ඇත.
මෙම සමුළුව මඟින් ශ්‍රී ලංකාව හුදෙක් සහභාගිවන්නෙකු ලෙස පමණක් නොව දකුණු ආසියාවේ ඩිජිටල් පරිවර්තන ගමනේ ප්‍රමුඛයෙකු ලෙස ස්ථානගත කරන අතරම, කිසිවෙකුත් මඟ නොහැරෙන සහ අනාගතයට සූදානම් ඩිජිටල් ආර්ථිකයක් ගොඩනැගීමේ රජයේ දැක්ම තව දුරටත් ශක්තිමත් කරනු ඇත.
2025 ශ්‍රී ලංකා ෆින්ටෙක් සමුළුව සංවාදයකට වඩා වැඩි යමක් වන අතර එය මූල්‍ය හා තාක්‍ෂණය පිළිබඳ මෙරට සන්ධිස්ථානීය සමුළුවක් ලෙස, ශක්තිමත් ඩිජිටල් ආර්ථික පද්ධතියක් උදෙසා සහයෝගීතාවයන් සහ දිගුකාලීන වර්ධනය සඳහා වේදිකාවන් නිර්මාණය කරන උත්ප්‍රේරකයකි.
නවෝත්පාදනයන්ගෙන් සමෘද්ධිමත් වන සහ සියලුම ශ්‍රී ලාංකිකයින්ට ඩිජිටල් මූල්‍යකරණයේ අවස්ථාවන්ගෙන් ප්‍රතිලාභ ලබා ගත හැකි සක්‍රීය පරිසරයක් ගොඩනැගීම අරමුණු කරගනිමින් ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය මේ සඳහා සිය දායකත්වය ලබා දී තිබේ.
Video Story