ශ්‍රී ලංකාවේ සිව්වැනි තැනට විශාලතම ලැයිස්තුගත සමාගම බවට ඩිස්ටිලරීස් කම්පැනි ඔෆ් ශ්‍රී ලංකා පත්වෙයි

    October, 2, 2025

    කොළඹ කොටස් වෙළෙඳපොළේ ලැයිස්තුගත සමාගම් ලැයිස්තුවේ විශාලත්වය අනුව සිව්වැනි ස්ථානයට පැමිණීමට ඩිස්ටිලරීස් කම්පැනි ඔෆ් ශ්‍රී ලංකා පීඑල්සී සමත්ව තිබේ.

    අද (02) දිනයේ දී එම සමාගමේ කොටසක අවසන් ගනුදෙනු මිල රු. 58.70 ක් ලෙසින් සටහන් වූ අතරඒ අනුව රු. බිලියන 270.02ක වෙළෙඳපොළ ප්‍රාග්ධනීකරණයකට හිමිකම් කියමින් ඩිස්ටිලරීස් කම්පැනි ඔෆ් ශ්‍රී ලංකා පීඑල්සී, අදාල ලැයිස්තුවේ සිව්වැනි තැන පසුවේ.

    ජෝන් කීල්ස් හෝල්ඩිංස්ග් පීඑල්සී, වෙළෙඳපොළ ප්‍රාග්ධනීකරණය අනුව මෙරට විශාලතම ලැයිස්තුගත සමාගම වන අතර එම ලැයිස්තුවේ දෙවැනි සහ තෙවැනි ස්ථානවල පිළිවෙලින් සිලෝන් ටුබැකෝ කම්පැනි සහ කොමර්ෂල් බැංකුව පසුවේ.

    කලක් මෙම ලැයිස්තුවේ ඉහළම ස්ථානයකට හිමිකම් කී LOLC හෝල්ඩිංග්ස් අද වන විට පසුවන්නේ පස්වැනි තැනයි.

    සමාගමක වෙළෙඳපොළ ප්‍රාග්ධනීකරණය ගණනය කරනුයේ සමාගමේ නිකුත් කරන ලද කොටස් ප්‍රමාණය, එම සමාගමෙහි කොටසක වෙළෙඳපොළ මිලෙහි ගුණිතයක් ලෙස ගැනීමෙනි. නිකුත් කරන ලද කොටස් ප්‍රමාණය වෙනස් නොවන විට සමාගමේ කොටස් මිල උච්ඡාවචනය වන අවස්ථාවේ දී එම සමාගමේ වෙළෙඳපොළ ප්‍රාග්ධනීකරණය ද ඉහළ පහළ යනු ඇත.

    මෙලෙස කොටස් වෙළෙඳපොළේ ලැයිස්තුගත කර ඇති සියලු සමාගම්වල වෙළෙඳපොළ ප්‍රාග්ධනීකරණයෙහි එකතුව සමස්ත වෙළෙඳපොළ ප්‍රාග්ධනීකරණය වේ.

    වෙළෙඳපොළ ප්‍රාග්ධනීකරණය අනුව කොළඹ කොටස් වෙළෙඳපොළේ විශාලතම සමාගම් 15 පහත පරිදි දැක්විය හැකිය.

    Video Story

    Stock Market

    Exchange Rates