සියලු කොටස් මිල දර්ශකය ඒකක 22,000 අබියස

    October, 2, 2025

    අද (02) දින ගනුදෙනු අවසානයේ දී කොළඹ කොටස් වෙළඳපොළ සියලු කොටස් මිල දර්ශකය ඒකක 100.49 කින් ඉහළ ගොස් ඒකක 21,951.79 ලෙසින් වාර්තා විය.

    මෙලෙස සියලු කොටස් මිල දර්ශකයෙහි වර්ධනයක් පෙන්නුම් කළේ අඛණ්ඩව 13වන දිනයට වීම විශේෂත්වයකි.

    මේ අතර අද ගනුදෙනු අවසානයේ S&P SL20 මිල දර්ශකය ඒකක 9.42කින් ඉහළ ගොස් ඒකක 6,148.21ක් ලෙසින් සටහන් විය.

    අද සමාගම් 127ක කොටස් මිල ගණන් සියලු කොටස් මිල දර්ශකයේ හැසිරීමට ධනාත්මක දායකත්වයක් ලබා දී තිබූ අතර සමාගම් 89කින් ඒ සඳහා ලැබී තිබුනේ සෘණාත්මක දායකත්වයකි.

    එහි දී මෙල්ස්ටාකෝප්, ඇක්සෙස් ඉන්ජිනියරින්ස්, Union Bank Of Colombo, රෝයල් සෙරමික් ලංකා සහ NDB යන සමාගම් සියලු කොටස් මිල දර්ශකයේ හැසිරීමට ඉහළ ධනාත්මක දායකත්වයක් ලබා දී තිබුණි.

    අද ගණුදෙනු පිරිවැටුම දැක්වුනේ රුපියල් බිලියන 6.51ක් ලෙසයි.

    එහිදී දේශීය මිල දී ගැනීම් රු. බිලියන 6.32ක් හා දේශීය විකිණුම් රු. බිලියන 6.37 ක් ලෙසින් සටහන් වී තිබුණි.

    මේ අතර විදේශීය මිල දී ගැනීම් රු. මිලියන 191ක් හා විදේශීය විකිණුම් රු. මිලියන 145ක් ලෙසින් දිනය තුළ සටහන්ව ඇත.

    Video Story

    Stock Market

    Exchange Rates