The Lion’s Roar ජනාධිපතිතුමන්ට පිළිගන්වයි

    August, 3, 2016

    විශේෂ කාර්යයන් පිළිබඳ කැබිනට් අමාත්‍ය ආචාර්ය සරත් අමුණුගම මහතා තම The Lion's Roar (සිංහනාදය) කෘතියේ පිටපතක් පසුගිය දා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත පිරිනැමීය.

    මෙම පොත ශ්‍රී ලංකාව සහ ඉන්දියාව සමරු මුද්දර නිකුත් කිරීමෙන් උපහාර දැක්වූ එකම ශ්‍රී ලාංකිකයා වන අනගාරික ධර්මපාලතුමාගේ කීර්තිමත් ජීවිතය නිරාවරණය කරන චරිතාපදානයකි.

    ප්‍රකාශක විජිත යාපා මහතා ද එම කටයුත්තට සහභාගි විය.