2025 මුල් මාස 09දී අයවැය හිඟය අඩකින් අඩුවෙයි

    October, 29, 2025

    2025 ජනවාරි - සැප්තැම්බර් කාලපරිච්ඡේදය සඳහා වන රාජ්‍ය මූල්‍ය සමාලෝචන වාර්තාව නිකුත් කර තිබේ. මුදල්, ක්‍රමසම්පාදන හා ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයේ ෆිස්කල් ප්‍රතිපත්ති දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර ඇති මෙම නවතම වාර්තාවට අනුව 2025 ජනවාරි - සැප්තැම්බර් කාලපරිච්ඡේදය අවසානයේ දී අයවැය හිඟය රු. බිලියන 441.4ක් ලෙසින් සටහන්ව ඇත.

    මෙහි ඇති විශේෂත්වය නම් එය 2024 මුල් මාස 09හි අයවැය හිඟය වූ රු. මිලියන 970ට සාපේක්ෂව 54.5% ක පහළ යාමක් වාර්තා වීම තිබීමයි.

    2025 මුල් මාස 09 තුළ රජයේ ආදායම රු. බිලියන 3,838.9 ක් ලෙසින් සටහන්ව ඇති අතර 2024 සමාලෝචිත කාලපරිච්ඡේදයේ දී එම අගය රු. බිලියන 2,927.8 ක් ලෙසින් සටහන්ව ඇත. මේ අනුව 2024 සමාලෝචිත කාලපරිච්ඡේදයට සාපේක්ෂව 31%කින් රාජ්‍ය ආදායම ඉහළ ගොස් ඇති මෙම වාර්තාව සඳහන් කරයි.

    එසේම රජයේ වියදම් රු. බිලියන 3,897.8 සිට රු. බිලියන 4,276.3 ක් දක්වා 9.7%කින් මෙම වකවානුව තුළදී ඉහළ ගොස් තිබේ.

     

    Video Story

    Stock Market

    Exchange Rates