October, 29, 2025
HNB ජෙනරල් ඉන්ෂුවරන්ස් (HNBGI) සමාගම ශ්‍රී ලාංකීය සාමාන්‍ය රක්ෂණ ක්ෂේත්රය අත්පත් කරගෙන ඇති විශිෂ්ටත්වය තවදුරටත් තහවුරු කරමින්, පසුගියදා පැවති 2025 SLIM ජාතික විකිණුම් සම්මාන උළෙලේදී, Front Liner කාණ්ඩය යටතේ කුසලතා සම්මානයකට හිමිකම් කීමට එම සමාගමේ රුමේෂ් විජේතිලක මහතා සමත් විය. ශ්‍රී ලංකා අලෙවිකරණ ආයතනය (SLIM) විසින් වාර්ෂිකව පවත්වන ජාතික විකිණුම් සම්මාන උළෙල ශ්‍රී ලංකාවේ සියළුම ව්‍යාපාර ක්ෂේත්රවල විකිණුම් වෘත්තිකයින්ගේ සාර්ථකත්වය ඇගයීමට ලක් කරන ජාතික වේදිකාවකි.
2025 SLIM ජාතික විකිණුම් සම්මාන උළෙලේදී රුමේෂ් විජේතිලක මහතා දිනාගත් කුසලතා සම්මානය, සමාගම වෙනුවෙන් සාර්ථක විකිණුම් ප්‍රථිඵල අත්පත් කරගැනීමේදී ඔහු විසින් විදහා දක්වන ලද දැඩි කැපවීම සහ පාරිභෝගිකයා මුල් කරගත් විශිෂ්ට සේවාව වැනි ගුණාංග වෙනුවෙන් ලැබුණු ජාතික මට්ටමේ ඇගයීමක් වශයෙන් හැඳින්විය හැකිය. පාරිභෝගිකයින් සමඟ සවිමත් සබඳතාවයන් පවත්වා ගෙන යමින්, ඔවුන්ගේ විශ්වාසය සහ ලැදියාව මෙන්ම සමාගමේ වර්ධනයද තහවුරු වන ආකාරයට විකිණුම් ඉලක්ක අත්පත් කරගත් ගැනීමට රුමේෂ් විජේතිලක මහතා දක්වා ඇති දක්ෂතාවය, HNB ජෙනරල් ඉන්ෂුවරන්ස් සමාගමේ ව්‍යාපාර සංවර්ධන අංශයෙහි පාරිභෝගික සේවා විශිෂ්ටත්වය සහ අධිෂ්ඨානශීලීත්වයට මනා උදාහරණ සපයයි.
මේ පිළිබඳව අදහස් දක්වමින් HNB ජෙනරල් ඉන්ෂුවරන්ස් සමාගමේ ප්‍රධාන ව්‍යාපාර නිලධාරී සම්පත් වික්‍රමාරච්චි මහතා මෙසේ පැවසීය, “රුමේෂ් දිනාගත් 2025 SLIM ජාතික විකිණුම් සම්මාන උළෙලේදී ලැබූ ඇගයීම, HNB ජෙනරල් ඉන්ෂුවරන්ස් සමාගමේ විකිණුම් බලකායේ සුවිශේෂීත්වය රඳා පවතින විනය, කැපවීම සහ උද්යෝගීමත් බව වැනි වටිනාකම් වලට ලැබුණු ඇගයීමක්. අපේ වටිනා පාරිභෝගිකයින් හට සේවය සළසන ඉදිරි පෙළ නිලධාරියෙක් වශයෙන් ඔහු ලබා ඇති සාර්ථකත්වය පෙන්වා දෙන්නේ, අධිෂ්ඨානශීලීත්වය, දක්ෂතාවය, ධනාත්මක ආකල්ප වැනි පුද්ගලික ගුණාංග ආයතනික සාර්ථකත්වය සඳහා කෙතරම් වැදගත්ද යන්නයි. අපේ කණ්ඩායමේ සාමාජිකයෙක්ට ජාතික මට්ටමේ ඇගයීමක් ලැබීම අපට විශාල ආඩම්බරයක්. අඛණ්ඩ සාර්ථක ඉදිරි ගමනකට අපි ඔහුට සුභ පතන අතරම ඔහුගේ සාර්ථකත්වයට ලැබුණු මේ ඇගයීම, අපේ කණ්ඩායමේ සිය`ඵම දෙනා තවදුරටත් දිරිමත් කරමින්, ඉදිරියේදී ඉහළ සාර්ථකත්වයක් කරා ළඟා වීමට හේතු වනු ඇතැයි බලාපොරොත්තු වෙනවා”.
SLIM ජාතික විකිණුම් සම්මාන උළෙලවලදී HNB ජෙනරල් ඉන්ෂුවරන්ස් සමාගම අඛණ්ඩවම ලබන සාර්ථකත්වය, නව්‍යකරණය සහ අඛණ්ඩ ප්‍රගතිය මූලික කරගත් සවිමත් විකිණුම් බලකායක් නිර්මාණය කිරීමට හේතු වනු ඇති අතර ඒ හරහා සාමාන්‍ය රක්ෂණ ක්ෂේත්රය තුළ HNB ජෙනරල් ඉන්ෂුවරන්ස් සමාගම අත්පත් කරගෙන ඇති ස්ථාවරත්වය ඉදිරියේදී තවත් තහවුරු කරගැනීමට සමාගමට හැකිවනු ඇත.
ඡායාරූපය: වමේ සිට දකුණට: ප්‍රසන්න විජේසිංහ, නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී - ශාඛා ජාල, HNB ජෙනරල් ඉන්ෂුවරන්ස් සමාගම, රුමේෂ් විජේතිලක, සහකාර කළමනාකාර - ව්‍යාපාර සංවර්ධන, HNB ජෙනරල් ඉන්ෂුවරන්ස් සමාගම, සම්පත් වික්‍රමාරච්චි, ප්‍රධාන විධායක නිලධාරී/සාමාන්‍යාධිකාරී, HNB ජෙනරල් ඉන්ෂුවරන්ස් සමාගම.