September, 10, 2026
ශ්‍රී ලංකාවේ JMEV විද්‍යුත් වාහන සඳහා වන එකම බලයලත් බෙදාහරින්නා වන GS Evo Motors Limited සමාගම, අතිනවීන තාක්ෂණය, ඉහළ සුවපහසුව සහ උපරිම ආරක්ෂාව කැටි කරගත් නවතම JMEV EWIND Electric SUV රථය මෙරට වෙළඳපොළට නිල වශයෙන් හඳුන්වා දුන්නේය.
JMEV EWIND විද්‍යුත් රථය ශ්‍රී ලංකාවට හඳුන්වා දීම, ශ්‍රී ලංකාවේ විද්‍යුත් රථ ක්ෂේත්‍රයේ සුවිශේෂී සංධිස්ථානයක් සලකුණු කරයි. ආකර්ෂණීය නිමාව, අතිනවීන ඉංජිනේරු තාක්ෂණය සහ පරිසර හිතකාමී ධාවන අත්දැකීම එකට කැටි කරමින් මෙරට රියදුරන් වෙත පිරිනමන සුවිශේෂී විද්‍යුත් SUV රථයක් ලෙස මෙය හැඳින්විය හැකිය.
වර්තමානයේ රියදුරන්ගේ වෙනස් වන අවශ්‍යතාවලට සරිලන පරිදි නිර්මාණය කර ඇති JMEV EWIND රථය aerodynamic හැඩයකින් යුක්ත වන අතර, LED daytime running lights, LED පසුපස විදුලි පහන්, අඟල් 19 අලංකාර ඇලෝයි වීල් (alloy wheels) සහ ඕනෑම මාර්ගයක කැපී පෙනෙන පෙනුමකින් සමන්විත වේ.
එමෙන්ම, EWIND රථයේ අභ්‍යන්තරය ඉඩකඩ සහිත ලෙස මෙන්ම ඉතා අලංකාර ලෙස නිමවා ඇත. Adjustable curtain සහිත Panoramic Moonroof, පසුවෙමින් තිබෙන ලෙස සැලසුම් කළ suspended instrument panel, D-shaped බහුකාර්ය සුක්කානම (multifunction steering wheel), බහු-වර්ණ ambient lighting, උසස් තත්ත්වයේ අභ්‍යන්තර නිමාව, සහ විද්‍යුත් ක්‍රමයට ආකාර 8 කට සකස් කළ හැකි රියදුරු අසුන මෙන්ම ආකාර 4 කට සකස් කළ හැකි ඉදිරිපස මගී අසුන ආදිය මඟින් සුඛෝපභෝගී මෙන්ම ප්‍රායෝගික ධාවන අත්දැකීමක් හිමිවේ.
අතිනවීන විද්‍යුත් වාහන තාක්ෂණයෙන් බලගන්වා ඇති JMEV EWIND රථය single-motor front-wheel drive මාදිලියෙන් ලබාගත හැකිය. කිලෝවොට් 108 ක උපරිම බලයක් සහ නිව්ටන් මීටර් 210 ක උපරිම රෝද බලයක් (torque) ජනනය කරන මෙය, තත්පර 8.9 කදී පැයට කිලෝමීටර් 0 සිට 100 දක්වා වේගවත් කළ හැක. එමඟින් ඉහළ කාර්යක්ෂමතාවක් පවත්වා ගනිමින් විශිෂ්ට ධාවන අත්දැකීමක් ලබා දෙයි.
තෝරාගන්නා බැටරි පද්ධතිය අනුව, EWIND රථය සඳහා කිලෝමීටර් 610 ක් දක්වා වූ ධාවන පරාසයක් (NEDC) හිමිවන අතර, එහි බැටරි ධාරිතාව කිලෝවොට්-පැය 70.38 (kWh) කි. එමඟින් එදිනෙදා ගමනාගමනයට මෙන්ම දීර්ඝ සංචාර සඳහාද විශ්වාසයෙන් යුතුව භාවිත කිරීමේ හැකියාව හිමිවේ.
ආරක්ෂාව සම්බන්ධයෙන් EWIND රථය විශේෂ අවධානයක් යොමුකර ඇත. ඉහළ ශක්තියකින් යුතු ස්ටීල් සහ ඇලුමිනියම් මුසු සැහැල්ලු බැඳෙකින් (body structure) සමන්විත මෙම රථය, ඉහළ ආරක්ෂිත සැලසුම් පදනම (five-star safety design philosophy) මත නිෂ්පාදනය කර ඇත. මීට අමතරව එයාර්බෑග් 6 ක්, ABS, EBA, EBD, Electronic Stability Program (ESP), Forward Collision Warning (FCW), Blind Spot Detection (BSD), Door Open Alert (DOA), Lane Keeping Assist (LKA) සහ Hill Start Assist (HSA) ඇතුළු ස්මාර්ට් ආරක්ෂිත තාක්ෂණික පද්ධති රැසකින් සමන්විත වන බැවින් ඕනෑම ගමනකදී උපරිම ආරක්ෂාවක් සහ විශ්වාසයක් සපයයි.
පාරිභෝගික විශ්වාසය වෙනුවෙන්, බැටරිය සඳහා වසර 8 ක හෝ කිලෝමීටර් 150,000 ක වගකීමක් සහ වාහනය සඳහා වසර 5 ක හෝ කිලෝමීටර් 150,000 ක වගකීමක් (Warranty) ලබා දෙයි. මීට අමතරව, ප්‍රථම වාර 5 සඳහා සේවා ගාස්තු සහ අමතර කොටස් පිරිවැයකින් තොරව (Labour and Material Free Services) නොමිලේ සේවා වාර 5 ක් ලබා දීමට GS Evo Motors කටයුතු කර ඇත.
EWIND රථය සතු අතිනවීන තාක්ෂණික අංග රැස අතරට:
මෙම හඳුන්වාදීම පිළිබඳව අදහස් දක්වමින් GS Evo Motors Limited හි සභාපති සුනිල් වෙත්තසිංහ මහතා මෙසේ පැවසීය, "JMEV EWIND හඳුන්වා දීම කියන්නේ තවත් එක් නව වාහනයක් වෙළඳපොළට පැමිණීම පමණක් නෙවෙයි. ලෝක මට්ටමේ උසස් විද්‍යුත් ගමනාගමන පහසුකම් ශ්‍රී ලාංකේය රියදුරන්ට සමීප කිරීමේ අපගේ අනාගත දැක්මෙහි එක පියවරක්. EWIND රථය ඉහළ කාර්යසාධනය, බුද්ධිමත් තාක්ෂණය, විශිෂ්ට සුවපහසුව සහ අසමසම ආරක්ෂාව එකට කැටි කරමින් මෙරට විද්‍යුත් SUV වෙළඳපොළට නව මානයක් එක් කරනවා. වඩාත් පිරිසිදු සහ පරිසර හිතකාමී මෝටර් රථ අනාගතයක් වෙනුවෙන් රට තබන පියවර සඳහා සහය වීමට GS Evo Motors Limited ලෙස අපි සැමවිටම කැපවී සිටිනවා."
නව JMEV EWIND රථය පිළිබඳ තොරතුරු ලබාගැනීමට සහ එහි ධාවන අත්දැකීම විඳගැනීමට (Test drives) දැන් GS Evo Motors ප්‍රධාන ප්‍රදර්ශනාගාරය වෙත පැමිණිය හැකිය.
ඡායාරූපය - GS Evo Motors සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී ප්‍රියන්ත පෙරේරා මහතා (ඡායාරූපයේ වමේ) සහ GS Evo Motors සමාගමේ සභාපති සුනිල් වෙත්තසිංහ මහතා (ඡායාරූපයේ දකුණේ) නවතම JMEV Ewind Electric SUV රථය මෙරට වෙළෙඳපොළට හඳුන්වාදුන් අයුරු ඡායාරූපයෙන් දැක්වේ.
Video Story